වෙඩි තැබිමකින් මිය ගිය ගණන 17ක් දක්වා ඉහළට - 29 වනදා දක්වා ශෝක කාලයක් ප්‍රකාශයට.. (විදෙස් පුවත්)

United Russia
By krishani Sep 27, 2022 06:47 AM GMT
Report

රුසියාවේ මධ්‍යම ප්‍රදේශයේ ඉෂෙව්ස්ක් නගරයේ පාසලකට ඇතුළු වූ නාඳුනන පුද්ගලයෙකු සිදු කළ වෙඩි තැබීමෙන් මිය ගිය සංඛ්‍යාව 17 දක්වා ඉහළ ගොස් ඇත.

ඒ අතර පාසල් ළමයින් 11 දෙනෙකු ගුරුවරුන් දෙදෙනෙකු සහ ආරක්ෂක නියාමකයන් දෙදෙනෙකු සිටියි.

මෙම සිද්ධියත් සමග රුසියාව 29 වනදා දක්වා ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර ඇති අතර එරට ජනාධිපති ව්ලැදිමීර් පුටින් ද මෙම වෙඩි තැබීම හෙලා දැක ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.