පාසලක ඇති වූ ගින්නකින් 11ක් ජිවිතක්ෂයට.. (විදෙස්)

By krishani Oct 25, 2022 09:56 AM GMT
Report

උගන්ඩාවේ කම්පාලා අගනුවරට නැගෙනහිරින් පිහිටි මුකොනෝහි දෘශ්‍යාබාධිත ළමුන් සඳහා වන පාසලක නේවාසිකාගාරයක ගින්නක් හටගෙන ඇත.

එම ගින්නෙන් පුද්ගලයින් 11 දෙනෙකු මිය ගොස් ඇති අතර තවත් හය දෙනෙකු බරපතල තත්ත්වයේ පසුවෙයි.

උගන්ඩා පොලිසිය සඳහන් කර තිබෙන්නේ තුවාල ලැබූවන් එරට හෙරෝනා රෝහලේ ප්‍රතිකාර ලබන බවත් මෙම පාසලේ ඇතිවූ ගින්නට හේතුව සොයා පරීක්ෂණ ආරම්භ කර තිබෙන බවයි.