පාසලකට එල්ල වූ ප්‍රහාරයකින් ළමුන් 11ක් ජිවිතක්ෂයට -15 ක් අතුරුදන්..

By krishani Sep 21, 2022 02:24 AM GMT
krishani

krishani

in ලෝකය
Report

උතුරු මියන්මාරයේ පාසලකට හමුදා හෙලිකොප්ටර් යානා එල්ල කළ වෙඩි තැබීමකින් ළමුන් 11 දෙනෙකු මිය ගොස් තවත් 15 දෙනෙකු අතුරුදන් වී ඇති බව යුනිසෙෆ් සංවිධානයේ ප්‍රකාශයක් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කැරලිකරුවන්ගේ බල ප්‍රදේශයක පිහිටි පාසලකට මෙම ප්‍රහාරය එල්ල වී ඇත.මියන්මාර හමුදා රජය ප්‍රකාශ කර ඇත්තේ මෙම ප්‍රහාරය Let Yet Kone ගම්මානයේ පාසලේ සැඟවී සිටි බව කියන කැරලිකරුවන්ට එල්ල වූ ප්‍රහාරයක් බවය.

යුනිසෙෆ් සංවිධානය අතුරුදහන් වූ ළමුන් 15 දෙනා වහා නිදහස් කරන ලෙස ඉල්ලා  ඇත.එමෙන්ම දරුවන් අහිමි වූ දෙමාපියන්ට සහ පවුල්වලට ශෝකය ප්‍රකාශ කර තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join