තාප්පයක ග්‍රිල් වැටක අලුත උපන් බිළිඳෙකුගේ මළ සිරුරක් එල්ලෙමින් තිබිය දී සොයාගෙන - සියල්ලන් සංවේදී කළ සිදුවීම..

India Death Latest Headlines
By krishani Mar 02, 2024 02:23 PM GMT
Report

තාප්පයක ඉහළින් ඇති ග්‍රිල් වැටක එල්ලී තිබිය දී අලුත උපන් බිළිඳෙකුගේ මළ සිරුරක් සොයාගත් පුවතක් පිළිබඳව තොරතුරු ඉන්දියාවේ හර්යානා ප්‍රදේශයේ අජෝන්ඩා ගම්මානයෙන් වාර්තා වේ.

තාප්පයක ග්‍රිල් වැටක අලුත උපන් බිළිඳෙකුගේ මළ සිරුරක් එල්ලෙමින් තිබිය දී සොයාගෙන - සියල්ලන් සංවේදී කළ සිදුවීම.. | Dead Body Newborn Baby In A Grill Fence In India

එම පුවත වූයේ අද (02) උදෑසන ය.

ගම්වාසීන් විසින් මෙම බිළිඳු මළ සිරුර සොයාගෙන  ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ය.

අනතුරුව බිළිඳාගේ සිරුර ග්‍රිල් වැටෙන් ප්‍රවේශමෙන් ඉවත් කරගත් පසු පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා ෆරිදාබාද් හි බාද්ෂා ඛාන් සිවිල් රෝහල වෙත යොමුකර තිබෙනවා.

බිළිඳාව හිතා මතාම ඝාතනය කළා ද නැතහොත් වෙනත් ආකාරයකින් මෙම මරණය සිදුවුණා ද යන්න පිළිබඳව මේ වනවිට පරීක්ෂණ ආරම්භ කර ඇත.

කෙසේ වෙතත්, මෙම සිද්ධියට සම්බන්ධ පුද්ගලයින් හඳුනා ගැනීම සඳහා අවට සී.සී.ටී.වී දර්ශන පරීක්ෂා කරන බව විමර්ශන සිදුකරන පොලිසිය සඳහන් කර තිබෙනවා.