වෙස්ට(ර්)න් කඳු මුදුනේ අභිරහස් මරණය - අතේ තිබූ පච්චය..

Police spokesman Sri Lanka
By Sewvandhi Aug 03, 2023 08:53 AM GMT
Report

අද (03) නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේදී තලවකැලේ ග්‍රේට් වෙස්ට(ර්)න් කඳු මුදුනේ තිබී සොයාගත් හඳුනා නොගත් කාන්තා මළසිරුරේ පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කෙරෙයි.

මෙම කාන්තාවගේ අනන්‍යතාව හඳුනාගැනීමට මෙතෙක් නොහැකිවී ඇති අතර ඇයගේ වම් අතේ තිබී "මදුසංක" ලෙස කෙටූ පච්චයක් හඳුනාගෙන තිබුණි.

කන්ද උඩදී ඇය මියගිය පසු කන්ද පාමුලට විසි කරන්නට ඇතැයි පොලීසිය සැක පළ කරන අතර ඇයගේ අනන්‍යතාව හඳුනා ගැනීම සඳහා පොලීසිය මහජන සහය ඉල්ලා සිටී.