අඹුසැමි යුවළකගේ මළසිරුරු වෙළෙඳසැලකින් සොයා ගැනේ.
Sri Lanka Police
Crime
Death
Murder
By Wayomi
අඹුසැමි යුවළකගේ සිරුරු වව්නියාව සෙට්ටකුලම ප්‍රදේශයේ තිබියදී වෙළෙඳසැලක් පසුපස පිහිටි කාමරයක තිබී අඹුසැමි යුවළකගේ සිරුරු සොයාගෙන තිබෙනවා.
ඔවුන් ඝාතනය කර ඇති බවට පොලිසිය සැක කෙරෙන අතර මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති පිරිමි සැමියා 78 හැවිරිදි වියේ පසුව ඇති අතර බිරිඳ 68 හැවිරිදි වියේ පසු බව සඳහන්.
ඔවුන්ගේ පුත්‍රයා අද උදෑසන එහි යනවිට මොවුන්ගේ මළසිරුරු දැක ඒ පිළිබඳව පොලීසියට දැනුම්දී ඇති අතර ඔවුන් සතුව තිබූ පවුම් 5කට ආසන්න ප්‍රමාණයක් අතුරුදන් ඇති බවද තොරතුරු අනාවරණය වී ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් සෙට්ටිකුලම පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා.