ඉන්ධන, ගෑස්, විදුලි අර්බුද මැද වසංගතයකුත් හිස ඔසවයි

Sri Lanka Ministry of Health Sri Lanka Dengue Prevalence in Sri Lanka
By Sewvandhi May 26, 2022 05:26 AM GMT
Report

ඩෙංගු රෝග ව්‍යාප්තිය යළිත් වරක් සීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කරන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

මේ වසරේ ගත වූ කාලය තුළ ඩෙංගු රෝගීන් 21,484 දෙනෙකු හඳුනාගෙන ඇති බවට මේ වනවිට තොරතුරු වාර්තා වී තිබේ . පසුගිය සතිය තුළ පමණක් දිවයින පුරා ඩෙංගු රෝගීන් 1,576 දෙනෙකු හදුනාගෙන තිබේ.

ජාතික ඩෙංගු මර්දන ඒකකය සදහන් කළේ එය ඊට පෙර සතියට සාපේක්ෂව සියයට 21.8ක ඉහළ යාමක් බවය. ඉන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කයෙන් හදුනාගෙන ඇති අතර එම සංඛ්‍යාව 409දෙනෙකි.

ජාතික ඩෙංගු මර්දන ඒකකය වැඩිදුරටත් සඳහන් කළේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඩෙංගු රෝගීන් 171ක්, කළුතර දිස්ත්‍රික්කයෙන් 157ක්, රත්නපුර දිස්ත්‍රික්කයෙන් 119ක් සහ මහනුවර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 113ක් හදුනාගෙන ඇති බවය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now