ඇමතිනී ඩයනාව, බ්‍රිතාන්‍යයට ගන්න කියලා චාල්ස් රජුට ලිපියක්..

Sri Lanka Politician Sri Lankan political crisis
By krishani Nov 28, 2022 10:26 AM GMT
Report

රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ බ්‍රිතාන්‍යයට ගෙන්වා ගැනීමට කටයුතු කරන මෙන් බ්‍රිතාන්‍යයේ චාල්ස් රජුගෙන් ඉල්ලමින් ලිපියක් යොමුකර ඇත.

ඒ මන්ත්‍රීවරියගේ ද්විත්ව පුරවැසිභාවය සහ මන්ත්‍රී ධුරය අහෝසි කරන ලෙස ඉල්ලා අධිකරණයෙහි නඩු පැවරූ ඕෂල හේරත් සහ සමාජ මාධ්‍ය ජාලා ක්‍රියාකාරී දර්ශන හඳුන්ගොඩ යන අය විසින් ය.

සිය ලිපිය මගින් සදහන් කර ඇත්තේ බ්‍රිතාන්‍යයේ පුරවැසිභාවයක් සහිත ඩයනා ගමගේ ශ්‍රී ලංකාවේ රැඳී සිටින්නේ නීතිවිරෝධීව බවත් ඒ නිසා ඇයව බ්‍රිතාන්‍යයට යළි ගෙන්වා ගන්නා ලෙසත් ය.

අද (28) දිනයේ දී ඔවුන් එම ලිපිය ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්‍යාලය වෙතා භාර දුන්නේ ය.

 

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join