"..ගංජා වවාගෙන නෙවෙයි ගහගෙනත් ඉන්න පුළුවන්.." ඩයනාට මන්ත්‍රී ධූරය අහිමි වෙයි..බ්‍රිතාන්‍ය පාස්පෝට් කොපිය එළියට..?

Sri Lanka Harshana Rajakaruna Diana Gamage
By Sewvandhi Nov 16, 2022 05:40 PM GMT
Report

සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රිධුරය අහෝසි කිරීමේ රීට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා සමාජ ක්‍රියාකාරී ඕෂල හේරත් මහතා අභියාචනාධිකරණයට පෙත්සමක් ගොනුකර තිබේ.

ඔහු අද (16) මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේ ඇයට එරෙහිව පවතින සාක්ෂි පිළිබඳව රජයේ පාර්ශ්වය, සමගි ජන බලවේගය මෙන්ම ජාතික ජන බලවේගයද දැනුවත් කළ නමුත් ඔවුන් කිසිවෙක් පියවරක් ගැනීමට ඉදිරිපත් නොවූ බවය. ඔහු පැවසුවේ,

"ඩයනා ගමගේ බ්‍රිතාන්‍ය පුරවැසියෙක් බවට මම පැමිණිලි කළා. CID විමර්ශනයක් සිදුකළා. 2021 අප්‍රේල් මාසයේ බී වාර්තාවක් නිකුත් කළා. බ්‍රිතාන්‍ය ගමන් බලපත්‍රයක් භාවිත කරලා මෙරටට ඇවිත්. (බ්‍රිතාන්‍ය ගමන් බලපත්‍රයේ ඡායාරූපයක් පෙන්වයි) අද වෙනකම් ලංකාවේ ඉන්නේ විදේශ පුරවැසියෙක් ලෙස සජිත් ඇතුළු සමගි ජන බලවේගයේ පිරිස් දැනුවත් කළා.

කවුරුත් ක්‍රියාමාර්ගයක් ගත්තේ නැහැ. පොලිසිය සහ එවක ආණ්ඩුවත් වගකිව යුතුයි. අරගලයත් වගකිව යුතුයි. බී වාර්තාවත් ඔවුන්ට ලබාදුන්නා. අනුර කුමාරටත් කියලා තියෙනවා. බී වාර්තාව පාර්ලිමේන්තු සභාගත කරන්න විරුද්ධ වුණා. සමස්ත සමාජයම වගකියන්න ඕනේ මේකට".

මේ අතර, සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පවසන්නේ,

"හැඳුනුම්පත් දෙක තුනක් තියෙනවලු. නීතිය ක්‍රියාත්මක කරන්න. මේ රටේ පුරවැසියෙක් නෙවෙයි නම් පුරවැසි බව තියෙන රටේ ගංජා වවාගෙන ඉන්න පුළුවන්නේ. ගංජා නෙවෙයි මොකක්ද ත්‍රෛලෝක විජය පත්‍ර ටිකක් වවාගෙන වවාගෙන විතරක් නෙවෙයි ගහගෙනත් ඉන්න පුළුවන්," යනුවෙනි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now