ඩයනා ගමගේ ඇමතිකමෙන් විසි වෙයිද..? ඩයනා ගැන CID යට විශේෂ නියෝගයක්..!
CID - Sri Lanka Police
Sri Lanka
Diana Gamage
By Sewvandhi
රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේගේ උප්පැන්න සහිතකය, ජාතික හැඳුනුම්පත සහ විදේශ ගමන් බලපත්‍රය පිළිබඳ විමර්ශනයක් සිදු කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති පැමිණිල්ල පිළිබඳ විමර්ශන කඩිනම් කොට ප්‍රගතිය වාර්තා කරන මෙන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළා.
ඒ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ හමුවේ අදාළ පැමිණිල්ල අද (10) කැඳවූ අවස්ථාවේදි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුවයි. ලබන මස 15 වනදා අදාළ පැමිණිල්ල යළි විභාගයට ගැනීමට නියමිතයි.
මේ අතර, අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට සම්බන්ධ නඩුවට පෙනී සිටීම සඳහා රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත උපරිමාධිකරණ සංකීර්ණයට පැමිණ ඇති අතර එම නඩුව අභියාචනාධිකරණය හමුවේ කැඳවීමට නියමිතයි
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |