22 සහ අධිකරණ සංශෝධන පනත් සැප්තැම්බර් 24-25 පාර්ලිමේන්තුවේදී විවාදයට
Parliament of Sri Lanka
Sri Lanka Parliament
22nd Amendment
Latest Headlines
Sinhala news
By R.rishma
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පත එළඹෙන සැප්තැම්බර් 24 සහ 25 යන දෙදින පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට තීරණය කර තිබේ.
අද (10) පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇත.
ඒ අනුව, පනත් කෙටුම්පත් දෙකෙහි දෙවනවර කියවීමේ විවාදය සැප්තැම්බර් 24 සහ 25 යන දිනවල පැවැත්වීමට නියමිත බව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.