ඊයෙ තරඟයෙන් පසුව නායක දසුන්ට ලැබුණු අලුත්ම තැන..

Sri Lanka Cricket Sri Lanka Dasun Shanaka
By Sewvandhi Jan 11, 2023 02:26 PM GMT
Report

ශ්‍රී ලංකා නායක දසුන් ශානක වෙත මේ වනවිට ලෝකයේම අවධානය යොමුව තිබේ. ඒ ඊයේ තරගයේදී ඔහු ඉන්දීය කණ්ඩායමේ ලද අසීරු ඉලක්කය ජයගැනීමෙන් අරමුණින් දියත් කළ සුපිරි ප්‍රහාරයත් සමඟය.

පළමු එක්දින ක්‍රිකට් තරගයේ දී විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ ශ්‍රී ලංකා නායක දසුන් ශානක ICC ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට පැමිණීමට සමත්ව ඇත.

ඒ අනුව ඔහු ඊයේ තරගයේ එල්ලකළ සුපිරි ප්‍රහාරයෙන් අනතුරුව ස්ථාන 21 ක් ඉදිරියට පැමිණීමට සමත්ව තිබේ. මේ වනවිට එක්දින පිතිකරු ශ්‍රේණිගත කිරිම්වල 61වන ස්ථානයේ රැඳී සිටීමට දසුන් ශානක සමත්ව ඇත.

දසුන් හිමිකරගෙන ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 506කි. මේ අතර ඊයේ තරගයේ ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් අගනා ශතකයක් රැස්කළ විරාත් කෝලි ද ICC ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට පැමිණීමට සමත්ව තිබේ.

ඔහු රැඳී සිටින්නේ එම ශ්‍රේණිගත කිරීම්වල 6 වන ස්ථානයේය. කෝලි හිමිකරගෙන ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 726කි. මේ අතර ICC ශ්‍රේණිගත කිරීම්වලට අනුව එක්දින තුන් ඉරියව් ක්‍රීඩකයින් අතරින් 8වන ස්ථානයට පැමිණීමට වනිඳු හසරංග සමත්ව තිබේ.

එහි 10 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක ධනංජය ද සිල්වා සමත්ව තිබීම විශේෂත්වයකි. 

 එසේම ICC ශ්‍රේණිගත කිරීම්වලට අනුව පාකිස්ථානයේ බාබර් අසාම් එක්දින පිතිකරුවන් අතර පළමු ස්ථානයේත්, නවසීලන්තයේ ට්‍රෙන්ට් බෝල්ට් එක්දින පන්දුයවන්නන් අතර පළමු ස්ථානයේත් බංග්ලාදේශයේ ශකිබ් අල් හසන් එක්දින තුන් ඉරියව් ක්‍රීඩකයින් අතර පළමු ස්ථානයේත් තවදුරටත් රැඳී සිටී.  


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now