දසුන්ට ඉන්දියාවේදී අලුත් නමක් ලැබෙයි... ඔබ මෙතෙක් නොඇසූ කතාවක් එළියට එයි..

Sri Lanka Cricket Sri Lanka India Indian Cricket Team Dasun Shanaka
By Aruna Jan 10, 2023 12:16 AM GMT
Report

"මීගමුව මාරයා"(Negombo Nailer) මේ ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දසුන් ශානකට "ද ඉන්දියන් එක්ස්ප්‍රස්" (The Indian Express) පුවත්පතේ ක්‍රීඩා වාර්තාකරු සංදීප් ගුප්තා ලබාදී ඇති ගෞරව නාමයයි.

ඉන්දිය කණ්ඩායම සමඟ නිමාවූ පන්දුවාර 20 තරගාවලියේ දී පිත්තෙන් උපරිම දක්ෂතා දැක් වූ දසුන් ශානක ඔහුගේ පිතිකරණය වෙනුවෙන් නිසි ගෞරවයට හා ඇගයීමට ලක් නොවූ ක්‍රීඩකයකු බව සංදීප් ගුප්ත ඉන්දියන් එක්ස්ප්‍රස් පුවත් පතට දීර්ඝ ලිපියක් සකසමින් පෙන්වා දෙනවා.

ඔහු පවසන්නේ මෑත කාලයේ ඉන්දීය පන්දු යවන්නන් වඩාත්ම සලිත කළ ප්‍රහාරකයා වෙමින්, පන්දුවාර විස්ස තරග තුලදී සෑම පන්දු පහකටම 4 පහරක් හෝ 6 පහරක් එල්ල කරන ක්‍රීඩකයෙකු බවට දසුන් ශානක පත්වී ඇති බවයි.

එමෙන්ම කණ්ඩායම අර්බූදයකට මැදි වී සිටින සෑම අවස්ථාවකම ඔහු ගැලවුම්කරු ලෙස ක්‍රියාත්මක වී ඇති බවත් සංදීප් පෙන්වා දෙනවා.

1996 දී අර්ජුන රණතුංග සහ පිරිවර ශ්‍රී ලංකාව ඕවර 50 ලෝක කුසලානය දිනන විට, පස් හැවිරිදි වියේ පසුවූ දසුන් ශානකට එම රාත්‍රියේ දැවැන්ත බව, ඔහුගේ දෙමාපියන්, අසල්වැසියන් මීගමුවේ දී එම රාත්‍රිය අති උත්කර්ෂයෙන් සමරන්නේ මන්දැයි දැන සිටියේ නැහැ.

ඔහු දැන සිටි එකම කාරණය සහ ඔහුගේ සිත් පින වූ එකම කාරණය වූයේ පසු දින ශානකට පාසල් යායුතු නොමැති වීමයි. ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලානය ජයග්‍රහණය කිරීම හේතුවෙන් ඊට පසුදින රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීම ඊට හේතු වී තිබුණා.

"එහි වැදගත්කම තේරුම් ගැනීමට මා කුඩා වැඩියි. ඒත් මමත් උත්සවයට සම්බන්ධ වුණා, කවුරුහරි මට කිව්වා හෙට රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති නිසා මට පසුවදා පාසලට යන්න අවශ්‍ය නැහැ කියලා."

නමුත් මේ සිදුවීම් මාළාවට ඔහුගේ හදවත තදින් ඇදී ගියේ, ඔහුට ක්‍රිකට් ක්‍රීඩාවට තද බැඳීමක් ද ඇති කරමින්.

ශානක තම අසල්වැසියන් සමග හෝ පාසලේ ක්‍රිකට් ක්‍රීඩා කරන වැඩිමහල්ලන් දැක ඇති නමුත් ඔවුන් කිසි දිනෙක මේ කෙසඟ කොලු පැටියා තමන් සමඟ ක්‍රීඩා කිරීමට එක් කර නොගත්තේ ඔහු ඒ තරම්ම කුඩා වීම හේතුවෙන්.

මේ නිසා සැහැල්ලු පන්දු ක්‍රිකට් ක්‍රීඩාවේ දක්ෂයකු වන ඔහුගේ මාමා ක්‍රීඩාකරන ආකාරය නැරඹීම්ට ආශා කළ දසුන් නිරන්තරයෙන් ඔවුන් ක්‍රීඩා කරන ස්ථාන වෙත යන්නට පුරුදු වී සිටියා.

ඔවුන් වැරෙන් පන්දුවට පහර දෙන අයුරු මුව අයාගෙන බලා සිටින්නට පුරුදු වුනා. “මගේ සිහිනය ආරම්භ වූයේ එතැනින්, මටත් පන්දුවට තදින් පහර දීමට අවශ්‍ ව්ුනා.

ඇත්තටම මගේ (හය පහර) සහජ බුද්ධිය මට ලැබුණේ එතැනින්.” දසුන් පවසනවා. එතැනින් දශක දෙකහමාරකට පසු, ඔහු අද තම සිහිනය සැබෑ කරගනිමින්, ජාත්‍යන්තර පිටියේ ක්‍රීඩාවේ තියුනුම හයේ පහරවල් එල්ල කරන ක්‍රීඩකයින්ගෙන් කෙනෙකු බවට මේ වන විට දසුන් ශානක පත්වී තිබෙනවා.

පන්දුවාර 20 තරගවල දී ශ්‍රී ලංකා පිතිකරුවෙකු විසින් රැස්කල වේගවත්ම අර්ධ ශතකය වාර්තා කරන අතරතුර ඔහු හයේ පහර දුසිම් භාගයක් එල්ල කළ පූනේ ප්‍රහාරය ද කිසිසේත් හුදකලා අවස්ථාවක් නොවේ.

දසුන් ශානක T20 තරග වල ඔහු මුහුණ දෙන සෑම පන්දු එකොළහකටම හයේ පහරක් සහ සෑම පන්දු නවයකට හතරේ පහරක් ද එල්ල කරනවා.

එහි තේරුම ශානක මුහුණ දෙන සෑම පන්දු පහකටම එක්කෝ හතරේ නැතිනම් හයේ පහරක් එල්ල කරන බවයි.

නමුත් මම සුපිරි ප්‍රහාරකයා IPL වෙන්දේසියේදී නොවිකිණීම, එසේත් නොමැතිනම් BBL සහ CPL හි දක්නට නොලැබීම තවමත් අභිරහසක්. ඔහුගේ හයේ පහර පිටුපස ඇති විද්‍යාව පැහැදිලි කිරීමට ශානකටම වචන නැහැ.

“එය මට ස්වභාවිකවම පැමිණුන දෙයක්, මම බොහෝ දේවල් වෙනස් කිරීමට උත්සාහ කර නැහැ.

මම දන්නේ මම හයේ පහරවල්වලට කැමතියි සහ මම හයේ පහරවල් එල්ල කරන බව පමණයි,” ඔහු පවසයි.

ඔහුගේ ප්‍රහාරයන්හි කැපී පෙනෙන සරල බවක් තිබෙනවා. සෑම විටම ශානක ඔහු ගේ සීමා ඉර තුල නිශ්චලව සිටින අතර, ඔහු ඒ තුල පසුපසට, පැත්තට හෝ ඉදිරියට පනිමින් රඟ දැක්වීම් නොකරයි.

සීමා ඉරේ ස්ථාවරව සිටිමින් පන්දුව පැමිනෙන රේඛාව හරහා පිත්ත යොමු කරමින් ඒවා විදුලි වේගයෙන් හතරේ සීමාවට පහලින් හෝ ඉහළින් තල්ලු කර දැමීම ඔහුගේ විශේෂ විශේෂත්වය යි.

සැහැල්ලු පන්දු ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඔප්නැංවූ තාක්‍ෂණයක අවශේෂ වූ ලක්ෂන තවම ඔහුගේ පිතිකරණයේ දක්නට ලැබෙනවා.

කිරන් පොලාඩ් (Kieron Pollard) හෝ මාකස් ස්ටොයිනිස් (Marcus Stoinis) වැනි දරුණුම හයේ පහරවල් එල්ල කරන්නන් මෙන් ඔහු ශක්තිමත් නොවුන, ඔහු සූර්යකුමාර් යාදව් වැනි පැහදිලි හයේ පහර එල්ල කරන්නන්ගේ ආභාෂය නොලබුව ද, ඔහුගේ පිත්ත පැද්දීම සහ එම ස්ථාවර පදනමෙන් සිය ප්‍රහාය සඳහා බලය උත්පාදනය කරගනියි.

ඔහු අංශක 360 හයේ පහරක් එල්ල කරන ක්‍රීඩකයෙකු නොවන අතර ඔහුගේ හයේ පහරවල් බොහෝමයක් ලෝන්ග් ඕෆ් සිට ඩීප් මිඩ් විකට් දක්වා වන චාපයේ ක්‍රියාත්මක වෙයි.

ශාන්ත පීතර විද්‍යාලය සහ මාරිස්ටෙලා විද්‍යාලය වෙනුවෙන් ඔහු තබා ඇති හයේ පහර වාර්තා අද දක්වාම නොබිඳුණු ඒවායි.

පාසල් ක්‍රීඩාවෙන් පසු ඔහු සිංහල ක්‍රීඩා සමාජය හා සම්බන්ධ වූ පසු, ක්‍රිස් ගේල්ට පසුව එක් තරගයකදී වැඩිම හයේ පහරවල් (16ක්) එල්ල කිරීමේ වාර්ථාවත් තවමත් ඔහු සතුයි. එහෙත්, අදටත් ඔහු තරයේ අවතක්සේරු කළ පිතිකරුවෙක්.

ඇතැම්විට දසුන් ශානක තුන් ඉරියව් ක්‍රීඩකයෙකු ලෙස ජාත්‍යන්තර පිටියේ හඳුන්වාදීම මීට හේතු විය හැකි බවටයි සන්දීප් ගුප්තා පෙන්වා දෙන්නේ.

වර්ෂ 2016 දී එංගලන්තයට එරෙහිව ලීඩ්ස් හිදී ඔහු සිය මංගල ටෙස්ට් තරගයේදී ම ප්‍රතිවාදීන්ට කිසිදු ලකුණක් ලබා නොදී කඩුලු තුනක් දවාගත් විට ක්‍රිකට් ලෝකයේ අවධානය ඔහුට යොමු වුනා.

එහිදී දසුන් ශානක ගේ පන්දු යැවීම් හමුවේ දැවී ගිය එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩකයින් තිදෙනා වූයේ නායක ඇලෙස්ටෙයාර් කුක් (එවිට ලකුණු 10,000ට ලකුණු 20ක් අඩුවෙන්), නික් කොම්ප්ටන් සහ ජෝ රූට්.

ඒ අනුව දසුන් ශානක මංගල ටෙස්ට් තරගයේදී ලකුණු ලබා නොදෙමින් කඩුලු ත්‍රිත්වයක් දවාගත් ක්‍රිකට් ක්‍රීඩකයින් තිදෙනා ගේ සමාජයට එක්වුනා.

අනෙක් ක්‍රීඩකයන් වූයේ එංගලන්ත කණ්ඩායම නි‍යෝජනය කළ මයික් සෙල්වි සහ රිචඩ් ජොන්සන්.

කෙසේ වෙතත් සෙල්වි සහ ජොන්සන් මෙන්ම ඔහුගේ ද ටෙස්ට් දිවිය ද අවුල් වූයේ අතැම් විට, ඔහු හිතාමතා අවතක්සේරු කිරීමට යමෙකුට අවශ්‍ය වූ නිසා විය හැකියි.

අතිශය නිහතමානී ක්‍රීඩකයකු වූන දසුන් ශානක කිසි විටෙක ඔහු වෙනුවෙන් වෙන් කළ කීර්ණකළ කීර්තිය සහ අවධානය පණිව තනිව ුක්ති විඳි ක්‍රීඩකයකු වූයේ නැහැ.

ඒ වෙනුවට, ඔහු එම කීර්තිය සහ අභිමානය අන් අය සමග බෙදා ගැනීමට නිරන්තරයෙන් කටයුතු කළ ක්‍රීඩකයෙක්.

තම කණ්ඩායමට ආසියානු කුසලාන ජයග්‍රහණය සඳහා මඟ පෙන්වූ විට පවා, ඔහුගේ හොඳම හෝරාවේදී, ඔහු එම කීර්තිය සහ ආලෝකය, තරගාවලියේ සැබෑ අයිතිකරුවන් වූ භානුක රාජපක්ෂ සහ වනිඳු හසරංග වැනි අය ළබා දෙන්නට කටයුතු කළා.

අර්ජුන රණතුංගගේ පිතිකරණය ඔහුගේ නායකත්වය හේතුවෙන් අඩු ඇගයීමකට ලක් වූ අතර කුමාර් සංගක්කාරගේ නායකත්වයේ බරින් ඔහුගේ ලකුණුවල සහ ඔහුගේ පහරවල් වල අලංකාරයෙන් ගිලිහී ගියා.

නමුත් දසුන් ශානකගේ නායකත්ව විලාසය මේ දෙදෙනාටම වඩා වෙනස් වන්නේ ඔහු අර්ජුන රණතුංග මෙන් ගැටුම්කාරී නොවන අතරම, සංගක්කාර මෙන් චරිතාංග නායකයෙකු ද නොවේ, නමුත් මේ දෙදෙනාම මෙන් ඔහු තම ක්‍රීඩකයන්ගෙන් හොඳම දේ උපරිමයෙන් ලබා ගැනීමට දක්වන්නේ පුදුමාකාර සමත්කමක්.

කෙසේ වෙතත්, ආසියානු කුසලානයේ ඇෆ්ගනිස්ථානයේ පරාජයෙන් පසු ඔහු තම පිතිකරුවන්ගේ පහර තේරීම ප්‍රසිද්ධියේ විවේචනය කළ ඔහු තමන් දැඩි නායකයෙකු බව පෙන්වා දෙනවා.

“ඒක දසුන් කතා කරපු නිසා අපි ඒක නියම ස්ප්‍රීතුවෙන් ගත්තා. අපි දන්නවා එයා තරහා වෙන්නේ අවශ්‍ය වෙලාවට විතරයි," මේ සම්බන්ධයෙන් බානුක රාජපක්ෂ පවසා සිටියා.

ඒකෙන්ම පේනවා ශානක ගැන කණ්ඩායමට තියෙන විශ්වාසය.

ඔහු වරක් තරගයක් අතරතුර පුහුණුකරු මිකී ආතර් සමඟ බරපතල වාදයකට පැටලෙනවා.

කෙසේ වෙතත් පසුව මෙම දකුණු අප්‍රිකානු පුහුණු කරුවා විසින් ම දසුන් ශානක ව වර්ණනා කළේ “දසුන් තමා ගැන විශාල විශ්වාසයක් තබා කණ්ඩායම සවිබල ගැන්වීම විශේෂත්වයක්.

ඔහු තම කාර්ය සාධනය, පුහුණුව සහ පුහුණුවීම් සම්බන්ධයෙන් ආදර්ශයක් ලබා දෙන අතර ම ඔහු සමඟ ගමනට මිනිසුන් රැගෙන යාමේ හැකියාවක් තිබෙනවා.

යනුවෙන්. කෙසේ වෙතත් මේ ඔහු දක්ෂ නායකයෙකු ලෙස ඔහුට අවශ්‍ය රේඩාර් යටතේ පියාසර කරණා කාලයයි.

එමෙන්ම ඔහුගේ විශාල පහර දීමේ දක්ෂතාවයට නිසි පිළිගැනීම ලැබෙන කාලයයි.

ඇතැම් විට, ඒ සඳහා විශාල බලලත් ක්‍රීඩා කොන්ත්රාත්තුවක් උපකාරී විය හැකියි.

ඒ සඳහා මේ "මීගමු මාරයා"(Negombo Nailer)" ට පූනේ පිටියේ සන්ධ්‍යාව වැනි තවත් සන්ධ්‍යාවන් උපකාර වනු ඇති.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now