ආසියානු කුසලානයේදී කිසිවෙකු නොසිතූ සිදුවීමක් සිදුවෙයි.
ආසියානු කුසලාන තරගාවලියේ පළමු වටයේදි ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවති තරගය තියුණු සටනකින් පසු බංග්ලාදේශ කණ්ඩායම පරාජය විය.
එහිදී ලැබූ පරාජය සම්බන්ධයෙන් බංග්ලාදේශ කණ්ඩායමේ සුපිරි පිතිකරුවෙක් වන මුෂ්ෆිකුර් රහීම් ඉන් දැඩි ලෙස කනගාටුවට පත්වී ඇත.
මුෂ්ෆිකුර් රහීම් අද ට්විටර් සටහනක් තබමින් කිසිවෙක් බලාපොරොත්තු නොවූ ප්‍රකාශයක් සිදුකර තිබේ.
ඒ ඔහු පන්දුවාර විස්ස ජාත්‍යන්තර පිටියට සමුදීමට තීරණය කළ බව නිවේදනය කරමිනි.
මේ අතර ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ඇෆ්ගනිස්තානය සමග ඊයේ පැවැති තරගය ජයග්‍රහණය කිරීමත් සමග ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානක යළිත් වාර්තා පොත් අතරට පැමිණ තිබෙනවා.
ඒ, පන්දුවාර 20 වැඩිම තරග සංඛ්‍යාවක් ජයග්‍රහණය කළ නායකයා ලෙසයි. තරග 31 කට නායකත්වය දී ඇති දසුන් ශානක ඉන් තරග 14 ක් ජයග්‍රහණය කර තිබෙනවා.
මීට පෙර දිනේෂ් චන්දිමාල් සහ කුමාර් සංගක්කාර පන්දුවාර 20 තරග සඳහා නායකත්වය දෙමින් ඉන් තරග 13 බැගින් ජයග්‍රහණය කර තිබෙනවා.
කෙසේවෙතත් ශ්‍රී ලංකාවෙන් බිහිවූ සාර්ථකම පන්දුවාර 20 නායකයා ලෙස තවමත් පෙරමුණේ පසුවන්නේ මහේල ජයවර්ධනයි.
ඔහු පන්දුවාර 20 තරග 19 කට නායකත්වය දී ඉන් තරග 12 ක් ජය ගෙන තිබෙනවා.
නායකයෙකු ලෙස ඔහුගේ තරග ජයග්‍රාහී ප්‍රතිශතය සියයට 65 යි දශම 7 යි 8 ක්.
මේ ඊයේ පැවැති තරගයෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් ශ්‍රී ලංකා ක්‍රිඩක මහීෂ් තීක්ෂණ පැවසුවේ තරග ආරම්භයේ සිටම සැලසුම් සහගතව ක්‍රිඩා කිරීමට ජයග්‍රහණයට හේතුවූ බවයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |