අභාවප්‍රාප්ත වූ ජනප්‍රිය නළු දර්ශන් ධර්මරාජ්ගේ අවසන් කටයුතු ගැන දැනුම්දීමක්

Sri Lanka Actors Sri Lankan Actor
By Sewvandhi Oct 02, 2022 10:38 AM GMT
Report

අභාවප්‍රාප්ත දර්ශන් ධර්මරාජ් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඔහු උපන් ගම වන රක්වානේදී එළැඹෙන බදාදා සවස සිදුකිරීමට නියමිතය. ඒ මහතාගේ දේහය මේ වනවිට බොරැල්ල පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කර තිබේ. 

 ජනප්‍රිය රංගන ශිල්පී දර්ශන් ධර්මරාජ් මහතා අද (02) උදෑසන ඇතිවූ හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් අභාවප්‍රාප්ත වුණි. උදෑසන 6.30ට පමණ ඒ මහතා කොළඹ ජාතික රෝහල වෙත රැගෙන එන විටත් මියගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය.

මියයන විට දර්ශන් ධර්මරාජ් මහතා 41 වැනි වියෙහි පසුවුණි. සරෝජා, ප්‍රභාකරන්, මචං, මාතා සහ ඉනිඅවන් ඇතුළු චිත්‍රපට රැසකට රංගන දායකත්වය සැපයූ ඒ මහතා ටෙලිනාට්‍ය ගණනාවකටද රංගනයෙන් දායක වුණි.

මෑතකදී ඉතාමත් ජනප්‍රිය වූ "සුනාමි" චිත්‍රපටයේ ප්‍රධාන චරිතයකට පණ පෙවූ දර්ශන් ධර්මරාජ් මහතා තව දින 05කින් තිරගත වීමට නියමිත "ප්‍රාණ" චිත්‍රපටයටද සිය රංගන දායකත්වය සපයා තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now