ධනුෂ්ක සම්බන්ධයෙන් ප්‍රකාශ නිකුත් කිරීම ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් විශේෂ නිවේදනයක්..

Cricket Sri Lanka Cricket Australia Danushka Gunathilaka
By Sithumi Nov 10, 2022 12:14 PM GMT
Report

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හෝ බන්ධනාගාරගතව සිටින ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක වෙනුවෙන් පෙනී සිටීමට හෝ කිසිදු ආකාරයක ප්‍රකාශයක් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ශ්‍රී ලංකාවේ කිසිදු නීතීඥයෙකුට බලය පවරා නොමැති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මහජනතාවට දැනුම් දෙනවා.

ක්‍රිකට් ආයතනය විසින් මෙම නිවේදනය කිරීමට හේතුව ලෙස දක්වන්නේ, ධනුෂ්ක ගුණතිලකගේ සිද්ධිය සම්බන්ධයෙන් නීතීඥයන් කිහිප දෙනෙකු විසින් මෑතක දී කරන ලද සමහර ප්‍රසිද්ධ ප්‍රකාශයන් තුළින් ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් පෙනී සිටිනවා ය යන හැඟීම ඇති කරන බව ක්‍රිකට් ආයතනයට නිරීක්ෂණය වූ බවයි.

එසේ ම එම නීතිඥවරයා විසින් කරන ලද අදාල සිද්ධිය හා සම්බන්ධ ප්‍රකාශයන් පිළිබඳව හෝ ඒවායේ අන්තර්ගත කරුණුවල සත්‍යතාව පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කිසිදු වගකීමක් දරන්නේ නැති බව ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරනවා.

එම නිල නිවේදනය පහතින්..


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


Gallery