ධනුෂ්ක ගුණතිලක ගැන ශ්‍රී ලංකා නායකයාගෙන් විශේෂ ප්‍රකාශයක්..

Sri Lanka Cricket Dasun Shanaka
By Aruna Nov 07, 2022 07:47 AM GMT
Report

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට සිදු වූ දේ පිළිබඳව තමන් කණගාටුවට පත්වන බව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානක සඳහන් කරනවා.

ලෝක කුසලාන තරගාවලියෙන් ඉවතට විසිවීමෙන් පසු අද පෙරවරුවේ ශ්‍රී ලංකාවට පැමිණීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව පැවසුවේ.

“ඇත්ත තත්ත්වය තාම දන්නේ නෑ මොකද වෙලා තියෙන්නේ කියලා.

අධිකරණයෙන් ඉක්මනින්ම ඒකට පිළිතුරක් හම්බවෙයි.

අපි දැනගෙන හිටියේ නෑ එහෙම දෙයක් වෙලා කියලා.

අපිට කතා කරන්න වුණේ නෑ.”

මේ අතර කාන්තාවකට අතවර කිරීමේ චෝදනාවට අත්අඩංගුවට ගෙන රඳවා සිටින ධනිෂ්ක ගුණතිලකට ඇප ලබාදීම සිඩ්නි මහේස්ත්‍රාත් අධිකරණය යළි ප්‍රතික්ෂේප කර ඇත.

මාංචු සහිතව සිටි ධනිෂ්ක වීඩීයෝ තාක්ෂණය ඔස්සේ අධිකරණය හමුවේ පෙනී සිටි අවස්ථාවේදි විනිසුරු නියෝග කර ඇත්තේ මොහුව සිඩ්නි හි පිහිටි රැඳවුම් මධ්‍යස්ථානයක් වෙත යොමු කරන ලෙසයි.

චෝදනා 4 ක් යටතේ ධනිෂ්ක ගුණතිලකට එරෙහිව විමර්ශන ආරම්භ කර ඇත.  

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now