ධනුෂ්ක සමග අධිකරණයට ආවේ පෙම්වතියද.. ධනුෂ්ක වරදකරුවෙයිද.. මාස 10කට කොවූ නඩුවේ පුදුම හිතෙන හෙළිදරව්වක්. සම්පූර්ණ විස්තරය මෙන්න...(PHOTOS)

Sri Lanka Gossip Today Danushka Gunathilaka
By Sithumi Sep 23, 2023 10:32 AM GMT
Report

දෙස් විදෙස් මාධ්‍ය අතර වැඩි අවධානයට ලක් වූ ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකගේ නඩු විභාගය අවසන් විය. දින හතරක් පුරා ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර ඩව්නින් දිස්ත්‍රික් අධිකරණයේදී විනිසුරු සාරා හගේට් විසින් විභාගයට ගනු ලැබූ නඩුවේ තීන්දුව ලබන 28 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

ශ්‍රී ලංකා පිල නියෝජනය කරමින් පසුගිය වසරේ අගභාගයේ ඔස්ට්‍රේලියාවේ පැවැති විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට ගිය 32 හැවිරිදි ධනුෂ්ක ගුණතිලක ඔස්ට්‍රේලියානු කාන්තාවකට බලහත්කාරයෙන් ලිංගික අතවර කිරීමේ චෝදනාවට හසුවීම නිසා 2022 නොවැම්බර් 6 වැනිදා අත්අඩංගුවට පත්වූ දිනයේ සිට මේ දක්වා මාස 10කට වැඩි කාලයක් තිස්සේ සිඩ්නි නුවර රැඳී සිටීමට සිදු වූ අතර, ලබන 28 වැනිදා ඔහුට තීරණාත්මක දිනයක් බවට පත් වී තිබෙනවා. ඒ නඩුවේ තීන්දුවත් සමගයි.

පළමුව සිඩ්නි නුවර පොලිස් සිර මැදිරියෙත්, පසුව පුනරුත්ථාපන මධ්‍යස්ථානයකත් රාත්‍රීන් 11ක් ගත කිරීමෙන් පසු දෙවතාවක්ම අධිකරණයට ඉදිරිපත් කළ ඇප අයැදුම්පත ප්‍රතික්ෂේප වුව ද, තුන්වැනි වාරයේදී ඔහු මුදා හැර තිබුණේ ශ්‍රී ලංකා මුදලින් රුපියල් තුන්කෝටි හැත්තෑ දෙලක්ෂයක ඇප මුදලක් තැන්පත් කිරීමෙන් පසුවයි.

දැඩි කොන්දේසි මත අන්තුරුව ඔහුට ඇප නියම වූ අතර නඩු විභාගය අවසන් වනතුරු රටින් පිටවීමත්, අතවරයට ලක් වූ බව කියන 29 හැවිරිදි කාන්තාව සමඟ ඇසුරක් ගොඩ නඟා ගත් ‘ටින්ඩර්‘ නමැති මිතුරු මිතුරියන් ඇසුරු කිරීමේ වෙබ් අඩවියට පිවිසීමත් තහනම් වූ අතර, සමාජ මාධ්‍යජාලයේ ඔහුගේ පෞද්ගලික ගිණුම්වලට පවා ප්‍රවේශ වීම අධිකරණය විසින් තහනම් කරනු ලැබුවා.

ඔහු අධිකරණයට ඉදිරිපත් කර ඇති නිශ්චිතව රැඳී සිටින ලිපිනය සඳහන් නිවෙසින් දිනපතා රාත්‍රී 9.00 සිට උදෑසන 6.00 දක්වා කාලය ඇතුළත පිටතට යෑම ද තහනම් කෙරුණා දෛනිකව ආසන්තම පොලිස් ස්ථානයට වාර්තා කළ යුතුව තිබුණු අතර ඔස්ට්‍රේලියාවෙන් පිටව යෑමේ දේශසීමා හෝ ගුවන්තොටුපොළ පිහිටි ප්‍රදේශ කරා යෑමත්, අතවරයට ලක්වූ බව කියන කාන්තාවගේ නිවෙස පිහිටා ඇති පළාතට යෑමත් සපුරා තහනම් කෙරිණා.

ඔහුගේ ජංගම දුරකතන සහ ගුවන්ගමන් බලපත්‍රය ද අධිකරණය භාරයට ගෙන තිබිණු අතර පසුකාලීනව වරින් වර ධනුෂ්ක සිය නීතිඥ මුරුගන් තංගරාජ්ගේ මාර්ගයෙන් අධිකරණයෙන් කරනු ලැබූ ඉල්ලීම් සලකා බලමින් එම ඇප කොන්දේසි වරින්වර ලිහිල් කර තිබූ අතර, සතියකට දින 3ක් පොලිසියේ පෙනී සිටීම සහ එක් ජංගම දුරකතනයක් පමණක් භාවිත කිරීම වැනි කොන්දේසි තවමත් ක්‍රියාත්මකයි.

පසුගිය ජනවාරි මාසයේදී මුලින්ම විභාගයට ගත් ධනුෂ්කගේ නඩුවට පොලිසිය විසින් චෝදනා 4ක් ගොනු කරනු ලැබූ අතර, පසුව අතවර කිරීමෙන් පසු පහරදීම සහ ගෙල සිර කිරීම ඇතුළු චෝදනා තුනක් ඉවත් කරගැනීමටත්, නිව්සවුත්වේල්ස් නීතිය යටතේ සාපරාධී ක්‍රියාවක් ලෙස සැලකෙන අවසරයකින් තොරව ලිංගිකව එක්වීමේ චෝදනාව නොඑසේ නම් ලිංගිකව එක්වීමේදී කාන්තාවගේ අනුමැතියකින් හෝ අනුදැනුමකින් තොරව උපත්පාලන කොපුව ඉවත් කිරීම සම්බන්ධව නඩු විභාගය ඉදිරියට පවත්වා ගෙන යන බවටත් පැමිණිල්ලේ නීතිඥවරයා අධිකරණයට දන්වා තිබුණා.

වරින් වර කල් ගිය නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීම මේ මස 28 වැනිදාට නියම වූයේ පසුගිය 17 වැනිදා සිට අඛණ්ඩව දින 4ක් පුරා විභාගයට ගැනීමෙන් පසුව වන අතර එය විභාගයට ගනු ලැබුවේ අදාළ චෝදනාව ධනුෂ්ක තරයේම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන්. ධනුෂ්ක සමඟ අධිකරණයට පැමිණියේ කව්ද... ඔහුගේ පෙම්වතියද.

බොහෝ මාද්‍ය වල කතා බහට ලක්වුණු මේ ප්‍රශ්නය මෙව් වෙද්දිත් හැමෝටම ප්‍රශ්නයක්. මෙම නඩුව විභාගයට ගත් පළමු දිනයේදී ධනුෂ්ක අධිකරණයට පැමිණියේ තොරතුරු අනාවරණය නොවන සුදු ජාතික තරුණියක් සමඟ අතින් අල්ලගෙනයු. ඇය කවුරුන්දැයි විදෙස් මාධ්‍ය දැඩි අවධානය යොමු කර තිබූ අතර, නඩු විභාගය නිමාවට පත්වීමෙන් පසුවත් ඇය පිළිබඳ තොරතුරු අනාවරණය වුණෙ නැහැ.

නමුත් කවුරුත් අනුමාන කරන්නට වූයේ ඇය ධනුෂ්කගේ නව පෙම්වතිය වන බවයි. ධනුෂ්කගේ නීතිඥ මුරුගන් තංගරාජ් සහ තවත් හැඩි දැඩි සිරුරකින් යුතු පුද්ගලයකු ද ධනුෂ්ක සමඟ අධිකරණයට පැමිණ සිටි අතර, එම පුද්ගලයා ධනුෂ්කගේ ආරක්ෂාවට පැමිණි අයකු බවට අනුමාන කළා.

අධිකරණයේදී කරුණු ඉදිරිපත් කළ පැමිණිල්ලේ නිතීඥ ගේබ්‍රියෙල් ස්ටීඩ්මන් කියා සිටියේ ‘ටින්ඩර්‘ නමැති පෙම්වතුන් සඳහා වෙන් වූ වෙබ් අඩවියක් ඔස්සේ එකිනෙකා දැන හැඳින ගැනීමෙන් පසු ඔක්තෝබර් 31 වැනිදා සිට ඇය ඔහු සමඟ වට්ස්ඇප්, ඉන්ස්ටග්‍රෑම් සහ වීඩියෝ ඇමතුම් හරහා කිහිප වතාවක්ම කතාබහ කර ඇති බවයි.අනතුරුව දින කිහිපයකට පසු එනම්, නොවැම්බර් මස 2 දා සිඩ්නි නුවර ‘ඔපෙරා බාර්‘ අවන්හලේදී ඇය 32 හැවිරිදි ධනුෂ්ක පළමු වරට මුණ ගැසී ඇතැයි නීතිඥ ගේබ්‍රියෙල් ස්ටීඩ්මන් අධිකරණයේදී ප්‍රකාශ කර තිබිණා.

එදින රාත්‍රී 11.00ට පමණ ඇය සමඟ එවකට ඇය පදිංචිව සිටි නිවෙසට යෑමෙන් පසු මේ බලහත්කාර ලිංගික එක්වීම සිදුවූ බවත් නීතිඥ ගේබ්‍රියෙල් ස්ටීඩ්මන් වැඩිදුරටත් කරුණු දක්වා තිබිණා අනතුරුව එය තහවුරු කිරීමට දෙදෙනා පළමුවරට සිඩ්නි නුවර ඔපෙරා බාර් අවන්හලේදී මුණ ගැසෙන අයුරු දැක්වෙන වීඩියෝ පටයක් ද අධිකරණය හමුවේ ප්‍රදර්ශනය කෙරිණු අතර එම වීඩියෝ පටයෙන් පෙන්නුම් වූයේ ධනුෂ්ක හා අදාළ කාන්තාව ඔපෙරා අවන්හලේදී පළමුවරට මුණ ගැසුණු විට සිප වැලඳගත් බවයි.

එමෙන්ම ඇගේ නිවෙසට යෑමට බෝට්ටුවක් එනතුරු බලා සිටියදීත් දෙදෙනා අතර හාදු හුවමාරු වන අයුරු එම වීඩියෝවේ සටහන් වී තිබිණා. මේ අතර විත්තිකාර ධනුෂ්කගේ උප්පරවැට්ටියට තමා හසුවුණු බවත්, ඔහු තමාට නොදැනුවත්ව උපත් පාලන කොපුව ඉවත් කරමින් ලිංගිකව හැසිරුණු බවත්, පසුව ඒ සම්බන්ධව විරෝධය දැක්වීමේදී ඔහු තම උගුර සිර කිරීම හේතුවෙන් ජීවිතය පිළිබඳ දැඩි බියක් ද ඇති වූ බවත් දූෂණයට ලක්වූ බව කියන 29 හැවිරිදි කාන්තාව අධිකරණය හමුවේ සාක්ෂි දෙමින් ප්‍රකාශ කළා.

නීතිමය හේතු මත එම කාන්තාවගේ නම ආරම්භයේ සිටම ප්‍රසිද්ධියට පත් නොවූ අතර නිදන කාමරයට යෑමෙන් පසු උපත් පාලන කොපුව පලඳින ලෙස තමා ධනුෂ්කගෙන් ඉල්ලා සිටි බවත්, උපත් පාලන කොපු භාවිතයට තමා අකමැති බව ඔහු කියා සිටි බවත් කාන්තාව සිය සාක්ෂියේදී ප්‍රකාශ කර තිබුණා.

තමාට ගැබ් ගැනීමට හෝ ලිංගික රෝගවලට ලක් වීමට අවශ්‍ය නැති බව ඔහුට පැවසූ මොහොතේ ඔහු ගැබ් නොගන්නා බවට සහ ලිංගිකව එක්වීමෙන් සම්ප්‍රේෂණය වන රෝග කිසිවක් නොවැලඳෙන බවට සහතික වන බව තමාට කීවේ යැයි එම කාන්තාව අධිකරණය හමුවේ වැඩිදුරටත් ප්‍රකාශ කර තිබිණා.ධනුෂ්කගේ සිරුරේ බර තමාගේ සිරුර මතට පතිත වී තිබූ බැවින් තමා බලරහිත පුද්ගලයකු බවට පත්වී සිටි බවත් ඇය වැඩිදුරටත් සිය සාක්ෂියේදී ප්‍රකාශ කර තිබුණා.

ලිංගිකව එක්වීමේදී ලිංගික අතවර හෝ දූෂණයක් ලෙස සලකා නීතියෙන් දඬුවම් ලැබිය හැකි වරදක් වන අනුදැනුමකින් තොරව හෝ අනුමැතියකින් තොරව උපත් පාලන කොපු ඉවත් කිරීමේ සිදුවීම හැරුණු විට ධනුෂ්කට එරෙහිව වෙනත් චෝදනාවක් නැති බවත්, ඔහු සහ අදාළ කාන්තාව අතර ලිංගික හැසිරීම එකඟතාවකින් තොරව සිදුවූ බවට නිගමනය නොවන බවත් අධිකරණයට පැහැදිලි ව තිබෙනවා. එදින මධ්‍යම රාත්‍රී 12.45ට පමණ ඇය ධනුෂ්කට කුලී රථයක් ගෙන්වා දී ඇති අතර, ඔහු පිටත්ව යෑමෙන් පසු අතිශයින්ම කම්පනයට පත්ව සිටි බව ද අධිකරණයට කරුණු ඉදිරිපත් වුණා.

අනතුරුව ගත වූ දින කිහිපයේදී අදාළ කාන්තාව දැඩි මානසික ආතතියකට පත්ව සිටි බවත්, පාලනය කරගත නොහැකි අයුරින් ප්‍රසිද්ධියේ හඬා වැටුණු බවත් අධිකරණයට වාර්තා වූ අතර, පැවැති තත්ත්වය මත මනෝ වෛද්‍ය උපදෙස් ලබාගැනීමට ද ඇයට සිදුවූ බව වැඩිදුරටත් වාර්තා වී තිබෙනවා.

පැමිණිලිකාරිය කෙසේ ප්‍රකාශ කළ ද, ඇගේ කැමැත්තට එරෙහිව ධනුෂ්ක එවැන්නක් සිදු කළ බව ඇය විසින් ඔප්පු කළ යුතුව ඇතැයි මෙහිදී ධනුෂ්කගේ නීතිඥ මුරුගන් තංගරාජ් අධිකරණය හමුවේ ප්‍රකාශ කළ අතර, ඒ සඳහා නිදසුන් ගෙන හැර පාමින් ඔහු සඳහන් කර ඇත්තේ ධනුෂ්ක උපත් පාලන කොපුව ඉවත් කළේදැයි තමා නොදන්නා බවක් ඇය විසින් පසුව ඇගේ මිතුරියකට කළ ප්‍රකාශයක් බවයි තම සේවාදායකයා පොලිසිය හමුවේ පළමුවරට පැය දෙකක පමණ ප්‍රකාශයක් දෙනු ලැබුවේ කිසිදු නීතිඥවරයකුගේ ද සහාය නොමැතිව බවත්, ඔහු සෑම අවස්ථාවකදීම පොලිසිය සමඟ ඉතා මිත්‍රශීලීව කටයුතු කර ඇති බවත් මුරුගන් තංගරාජ් මෙහිදී අධිකරණයට ප්‍රකාශ කළා.

එමෙන්ම පැමිණිලිකාරියගේ සාක්ෂි කිසිදු විශ්වාසයකින් තොර බවට ද ඔහු අධිකරණය හමුවේ තර්ක කර තිබුණු අතර නඩු විභාගයේ පළමු දිනය එසේ අවසන් වූයේ දෙපාර්ශ්වයම හැකි උපරිම අයුරින් අධිකරණයට කරුණු දැක්වීමෙන් පසුවයි. දෙවැනි දිනයේ නඩු විභාගයේදි කියැවුණේ මොනවාද..? දෙවැනි දිනයේදී වැඩිදුරටත් සාක්ෂි දුන් අදාළ කාන්තාව අධිකරණයේදී හඬා වැටී ඇති අතර, ධනුෂ්ක ගුණතිලක ලිංගික එක්වීමේදී සත්වයකු මෙන් හැසිරුණු බවත්, සිය නිදන කාමරය වෙත යෑමෙන් පසු ඔහුගේ හැසිරීම සම්පූර්ණයෙන්ම වෙනස් වූ බවත් අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබිණා.

සිඩ්නි නුවරදී දෙදෙනා මුණ ගැසීමෙන් පසු පීට්සා ආහාරයට ගෙන රාත්‍රී 11.00ට පමණ නගරයේ බෝට්ටු සේවයෙන් ඇගේ නිවෙස කරා යමින් සිටියදී ඔහු බලහත්කාරයෙන් ඇගේ දෙතොල් සිපගත් බවට සහ ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරුණු බව පැවසුව ද, බලහත්කාරයෙන් දූෂණය කිරිමට පෙර තම නිදන කාමරයට ඔහු කැටුව ගොස් එහි ඉටිපන්දම් දැල් වූ බව ඇය අධිකරණයේදී ප්‍රකාශ කර තිබෙනවා.

බෝට්ටු සේවයට ගොඩ වීමට පෙර ඔහුට ආපසු යන ලෙස පැවැසීමට හැකිව තිබූ බව ද ඇය පිළිගෙන ඇති අතර, ඒ වෙනුවට තම නිවෙසට පැමිණෙන ලෙස ඇරයුම් කර ඔහුට වයින් පිළිගැන්වූ බවත්, ඔහු ඉදිරියේ ගිටාරය වාදනය කළ බවත් ඇය වැඩිදුරටත් සඳහන් කර ඇති අතරතමා ගිටාරය වැයීම ධනුෂ්ක සිය අවසරයකින් තොරව ඔහුගේ ජංගම දුරකතනයෙන් වීඩියෝගත කිරීම නිසා ගිටාරය වැයීම නතර කළ බව ඇය ඊට පෙර පොලිසියට ප්‍රකාශ කර තිබිණා.

මෙහිදී ධනුෂ්කගේ ජංගම දුරකතනයේ ගබඩා කර තිබූ එම වීඩියෝ පටය අධිකරණය හමුවේ ප්‍රදර්ශනය කර ඇති අතර, ඇය ගිටාරය වැයීම නවත්වා වීඩියෝ කැමරාවට සිනාසෙන අයුරු එහි පටිගතව තිබූ බව වාර්තා වනවා. පෙර කී සියල්ල සිදුවීමෙන් පසුව ද ඇය ඔහු නිදන කාමරයට කැටුව ගියේ දැයි ධනුෂ්කගේ නීතිඥවරයා ඇසූ හරස් ප්‍රශ්නයකට ඇය ‘ඔව්‘ යනුවෙන් පිළිතුරු දී තිබෙනවා.

අදාළ කාන්තාව ධනුෂ්ක ගුණතිලක සිය නිදන කාමරයට කැටුව ගොස් ඉටිපන්දම් දැල්වූයේ මන්දැයි මෙහිදී ඔහුගේ නීතිඥවරයා ප්‍රශ්න කර තිබෙනවා. ධනුෂ්ක නිදන කාමරයට කැටුව යෑමට ගත් තීරණය ඊට පෙර සිදු වූ සියල්ලට සම්පූර්ණයෙන්ම එකඟතාව පළ කිරීමක් බවට නීතිඥවරයා යෝජනා කිරීමේදී ඇය ඊට විරෝධතාව පළ කර තිබෙනවා.

අදාළ කාන්තාව විසින් ඊට පෙර පොලිසියට දුන් කට උත්තරයට අනුව ධනුෂ්ක එක් අතකින් ඇගේ ගෙල සිර කර අනිත් අතින් ඇගේ පසුපසට පහර දී ඇතැයි අධිකරණයට කරුණු ඉදිරිපත් කළ ධනුෂ්කගේ නීතිඥවරයා, එවැනි තත්ත්වයත් තුළ උපත් පාලන කොපුව ඉවත් කරන්නේ කෙසේදැයි ඇගෙන් ප්‍රශ්න කර තිබිණා. ‘ඔහුට එසේ කළ නොහැකි බවට ඔබ එකඟ ද? නීතිඥ මුරුගන් තංගරාජ් එසේ විමසා තිබෙනවා.

‘නෑ. ඔහුට උපත් පාලන කොපුව ඉවත් කිරීමට අවස්ථාව තිබුණා‘ අදාළ කාන්තාව ඊට පිළිතුරු දී ඇත්තේ එලෙසින්. ‘නෑ. කිසිම අවස්ථාවක ධනුෂ්ක ඔබ සමඟ අනාරක්ෂිත ලිංගික හැසිරීමක යෙදිලා නෑ.‘ නීතිඥවරයා තරයේම එසේ ප්‍රකාශ කර තිබෙනවා. ‘නෑ. ඒක වැරදියි‘ ඇගේ පිළිතුර එය වී තිබෙනවා. ධනුෂ්ක වරදකරු වෙයිද...?

ධනුෂ්කගේ නඩු විභාගයේ සිවුවැනි හා අවසන් දිනයේදී ඔහුට එරෙහිව අදාළ කාන්තාව දුන් සාක්ෂි අභියෝගයට ලක් කරමින් ඇය ප්‍රබන්ධයක් හෝ ගොතනු ලැබූ කතාවක් ප්‍රකාශ කරන බවට ඔහුගේ නීතිඥ මුරුගන් තංගරාජ් අධිකරණයට යෝජනා කරද්දී පැමිණිල්ලේ සාක්ෂි සාධාරණ සැකයෙන් ඔබ්බට පිළිගත යුතු කියමින් පැමිණිල්ල මෙහෙය වූ නීතිඥවරිය ගේබ්‍රියෙල් ස්ටීඩ්මන් විනිසුරු සාරා හගේට්ගෙන් ඉල්ලා ඇත්තේ ධනුෂ්ක ගුණතිලක වරදකරු කරන ලෙසටයි.

දෙදෙනා අතර ලිංගික හැසිරීමේදී ධනුෂ්ක ඇගේ එකඟතාවකින් තොරව උපත් පාලන කොපුව ඉවත් කිරීමේ සත්‍යය හැර වෙනත් තාර්කික නිගමන නැති බවට විනිසුරුවරියගේ අවධානය යොමු විය යුතු යැයි ද පැමිණිල්ල මෙහෙය වූ නීතිඥවරිය අධිකරණයේදී වැඩිදුරටත් පෙන්වා දී තිබිණා එදින රාත්‍රිය අදාළ කාන්තාව අපේක්ෂා නොකළ වෙනස් රාත්‍රියක් වූ බවත්, ක්‍රිකට් ක්‍රීඩකයා රළු ආකාරයෙන් හා කාන්තාවගේ ඉල්ලීම් සහ සීමා කිසිවක් කෙරෙහි සැලකිල්ලක් හෝ ගෞරවයක් නොදැක්වූ බවත් නීතිඥවරිය වැඩිදුරටත් අධිකරණයට ප්‍රකාශ කර තිබෙනවා.

ධනුෂ්ක සහ එම කාන්තාව අතර අවසන් දිනයේ සිදුවීමට පෙර හුවමාරු වූ කෙටි පණිවුඩවල රසවත්භාවය පිළිබඳ කරුණු ඉදිරිපත් කරමින් ඇය වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ එය දෙදෙනා අතර හමුවීමකට පෙලඹීමක් වූ බවත්, ධනුෂ්ක ගුණතිලක ඉතා නිර්දය ලෙස කාන්තාව ලුහුබැඳ යෑම දක්වා එය විහිදී ගිය බවත් ඇය සඳහන් කර තිබෙනවා. උපත් පාලන කොපු පැලඳීමට තමා අකමැති බව ධනුෂ්ක අත්අඩංගුවට පත් පළමු දිනයේදී පොලිසිය හමුවේ කළ ප්‍රකාශයේ සඳහන් වූ බව සිහිපත් කළ නීතිඥවරිය, දෙදෙනා අතර ලිංගික හැසිරීමේදී ඔහු එය පැලඳීම හුදෙක් කාන්තාව රැවටීමට පමණක් සිදු කළ බවට අධිකරණයට යෝජනා කර ඇතැයි ද වාර්තා වනවා. එම රාත්‍රියේදී පැමිණිලිකාරිනිය ඉතා අවදානම් තත්ත්වයකට පත්ව සිටි බවටත්, සම්පූර්ණ බලය ඔහු සතුව තිබූ බවටත් නීතිඥවරිය කරුණු දක්වා තිබෙන අතරවිත්තිකාර ධනුෂ්කගේ නීතිඥ තංගරාජ් අධිකරණයට ප්‍රකාශ කර ඇත්තේ පැමිණිලිකාරිනිය චෝදනාවට ගැළපෙන ආකාරයට හැඩ ගැසුණු ප්‍රබන්ධයක් ඉදිරිපත් කර ඇති බවයි .

ඔහු වැඩදුරටත් ප්‍රකාශ කර ඇත්තේ කාන්තාව පොලිසියට දුන් සාක්ෂිය සහ අධිකරණයේදී ලබා දුන් සාක්ෂිය අතර පරස්පර විරෝධී බවක් පෙන්නුම් කෙරෙන බවය. ඇගේ ප්‍රබන්ධනාත්මක සාක්ෂිය ශක්තිමත් අයුරින් ගොනු කිරීමට ඇය අසමත් වී ඇතැයි පැවසූ නීතිඥ මුරුගන්, ලිංගික හැසිරීමේදී ඇගේ අනුදැනුමකින් තොරව ඔහු උපත් පාලන කොපුව ඉවත් කළ බවට පිළිගත හැකි කිසිදු පදනමක් එම සාක්ෂි තුළ ගැබ්වී නොතිබුණු බව අධිකරණය හමුවේ අවධාරණය කර තිබෙනවා.

එමෙන්ම පැමිණිලිකාරිනිය හිතාමතාම සිය සාක්ෂිවල යම් යම් කරුණු අතහැර දමා තිබේදැයි ප්‍රශ්න කළ නීතිඥ මුරුගන්, ඇය මේ සිදුවීම පළමුව සිය මිතුරන් සමඟ ප්‍රකාශ කරද්දී ධනුෂ්ක උපත් පාලන කොපුව ඉවත් කිරීම අවිනිශ්චිත බව සඳහන් කිරීම අධිකරණයේ අවධානයට යොමු කර තිබෙනවා.

බොහෝ අවස්ථාවන්හිදී ඇගේ ප්‍රබන්ධය හා බැඳුණු කරුණු ඇයට අමතකව ගොස් තිබූ බවක් දිස්වන්නේ යැයි කී ධනුෂ්කගේ නීතිඥවරයා, ඔහු තමාට අවශ්‍ය දේ කරන, කිසිදු ගරුසරුවක් නැති පුද්ගලයකු බවට කියැවෙන ප්‍රකාශ සහ පැමිණිලිකාරිනියගේ සාක්ෂි ප්‍රතික්ෂේප කරන බව අධිකරණයට තරයේම දන්වා සිටියා.

ධනුෂ්ක ගුණතිලක සමඟ විසිත්ත කාමරයේ සිටියදී ඔහු තමා පසුපසට තල්ලු කර බලහත්කාරයෙන් සිපගත් බව නඩු විභාගයේ පළමු දිනයේදී සාක්ෂි දෙමින් ප්‍රකාශ කළද, පසුව ඇය ඔහු සිය නිදන කාමරයට කැඳවා ගෙන ගොස් එහි ඉටිපන්දම් දල්වා නිරුවත් වූ බව අධිකරණයේදී ප්‍රකාශ කර ඇතැයි ද නීතිඥ තංගරාජ් අවධාරණය කර තිබෙනවා.

ඇය ප්‍රකාශ කරන පරිදි විසිත්ත කාමරයේදී මේ සියල්ල සිදු වූ බව සම්පූර්ණයෙන්ම තර්කානුකූල නොවන බව පෙන්වා දුන් නීතිඥ තංගරාජ්, ‘අපි මගේ කාමරයට ගිහින් ඉටිපන්දම් දල්වමු යැයි පසුව ඇය ධනුෂ්කට පැවැසීම අධිකරණයේ අවධානයට යොමු වුඅනා . මේ අතර කාන්තාව මුණ ගැසුණු පළමු දිනයේදී ලිංගික හැසිරීමකට අවස්ථාවක් නැතැයි සිතමින් තමා උපත් පාලන කොපු රැගෙන නොගිය බව අත්අඩංගුවට පත් වූ දිනයේදී ධනුෂ්ක පොලිසියට ප්‍රකාශයක් කරමින් කියා සිටිය ද, ඔහු එම කාන්තාව හමුවීමට යෑමේදී රැගෙන ගොස් ඇති උරහිසේ එල්ලා ගන්නා කුඩා ගමන් මල්ලේ තිබූ ඔතන ලද උපත් පාලන කොපු දෙකක් පොලිසිය විසින් පසුව සොයා ගනු ලැබීම ද අධිකරණයේ අවධානයට ලක් වී තිබෙනවා.

ඒ සම්බන්ධව ඔහුගේ නීතිඥවරයාගේ තර්කය වී ඇත්තේ පැමිණිලි පාර්ශ්වය කියන පරිදි තම සේවාදායකයා උපත් පාලන කොපු භාවිතයට අකමැති පුද්ගලයකු නම් ඔහු ඒවා රැගෙන ගියේ මන්දැයි යන්නයයි. එබැවින් පැහැදිලිවම තම සේවාදායකයා උපත් පාලන කොපු භාවිත කිරීමට සූදානමින් සිටි බව ඔහුගේ තර්කය වී තිබෙන අතර ඔස්ට්‍රේලියාවේ දඬුවම බරපතළයි නඩු විභාගය නිමාවට පත්වූයේ එලෙසින්.

දැන් ඇත්තේ තීන්දුව ලැබෙනතුරු බලා සිටීමේ දින 4ක කාලසීමාවක් වන අතර දෙස් විදෙස් ක්‍රිකට්ලෝලීන් බලා සිටින්නේ එම තීන්දුව කුමක් විය හැකිදැයි යන්න ගැනයි. තීරණය ඇත්තේ විනිසුරුවරිය සාරා හගේට් අත වන අතර ධනුෂ්කට එල්ල වී ඇති චෝදනාවේ බරපතළකම ගැන මෙරට ජනතාවගෙන් දන්නේ නිසැකවම අතළොස්සක් පමණයි.

ඔස්ට්‍රේලියාව ඇතුළු ලොව රටවල් රැසක විවිධ අවස්ථාවලදී කාන්තා දූෂණය සම්බන්ධ නීතිරීති සංශෝධනයට ලක්වීම පිළිබඳ අවධානය යොමු කරන්නේ නම් ධනුෂ්කට එල්ල වී ඇති චෝදනාවේ බරපතළකම ගැන වැඩි දෙයක් අවබෝධ කරගත හැකි වනු ඇත. ලිංගිකව එක්වීමේදී කාන්තාවගේ අනුදැනුමකින් තොරව උපත් පාලන කොපුව ඉවත් කිරීම stealthing යෙදුමෙන් හඳුන්වා දී ඇති අතර, ඒ සඳහා බොහෝ රටවල නීති සම්මත කරගෙන තිබෙන අතර .

එම යෙදුම සාමාන්‍ය ව්‍යවහාරයේ භාවිත වුව ද, නීතිමය වශයෙන් එය හඳුන්වනු ලබන්නේ ස්ත්‍රී දූෂණයක් ලෙසින්මය. මෙය අපරාධ චෝදනා යටතේ දඬුවම් ලැබෙන වරදක් බවට පසුගිය වසරේදී ඔස්ට්‍රේලියාවේ බොහෝ ප්‍රාන්තවල නීති පොතට ඇතුළත් වුණ්ද. . ක්වීන්ස්ලන්ඩ්, දකුණු ඔස්ට්‍රේලියාව, බටහිර ඔස්ට්‍රේලියාව වැනි අධිකරණ බල ප්‍රදේශවල මේ වන විට එම නීතිය මේ වන විටත් ක්‍රියාත්මමක වනවා .

වැඩිදුරටත් කියන්නේ නම් ටස්මේනියාව, ධනුෂ්කගේ නඩුව විභාගයට ගත් සිඩ්නි අගනුවර කරගත් නිව්සවුත්වේල්ස් සහ වික්ටෝරියා ප්‍රාන්ත ද ඒ අතර වනවා එම නීතියට අනුව යම්කිසි පුද්ගලයකු කාන්තාවක් සමඟ ලිංගික හැසිරීමකදී ඇගේ අනුදැනුමකින් තොරව හා අකමැත්තෙන් උපත් පාලන කොපුව ඉවත් කළ බවට අධිකරණයේදී තහවුරු වී වරදකරු වන්නේ නම් ඒ සඳහා උපරිම දඬුවම වන්නේ ජීවිතාන්තය දක්වා සිර දඬුවමයි.

අවම වසර 10ක් බවත් එරට නීතිය සම්බන්ධ වෙබ් අඩවිවල සඳහන් කර තිබෙනවා. පසුගිය දෙවසර තුළ ඔස්ට්‍රේලියානුවන් අතර බෙහෙවින් විවාදයට ලක් වූ එම නීතිය එරට බොහෝ ප්‍රාන්තවල සම්මත වූයේ ධනුෂ්ක ගුණතිලක ලිංගික අතවර චෝදනාවට අත්අඩංගුවට පත් වූ පසුගිය වසරේ නොවැම්බර් මාසයේදීමයි.

- සිතුමි- 

GalleryGalleryGallery