ධනිෂ්ක ගුණතිලකට ක්‍රිකට් තහනම්..! - නීතිපති..

Roshan Ranasinghe Sri Lanka Cricket Sri Lanka Danushka Gunathilaka
By Sewvandhi Jan 30, 2023 09:31 AM GMT
Report

ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා සදහන් කරන්නේ, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඕස්ටේ්‍රලියානු තරග සංචාරයේ වාර්තාව වෝහාරික විගණනයක් සඳහා විගණකාධිපතිවරයාට යොමු කර ඇති බවයි.

මේ අතර ධනුෂ්ක ගුණතිලක සම්බන්ධ සිදුවීමේ අවසන් තීන්දුවක් ලැබෙනතුරු ඔහුට සියලුම ආකාරයේ ක්‍රිකට් තහනම් කිරීමට ද නීතිපතිවරයා තමන්ට නිර්දේශ කර ඇති බවයි අමාත්‍යවරයා වැඩිදුටත් සඳහන් කරනවා.

පසුගිය පන්දු වාර විස්ස ලෝක කුසලාන තරග සංචාරය තුළ සිදුවීම් පිළිබඳ පංච පුද්ගල කමිටු වාර්තාව පසුගියදා ක්‍රීඩා අමාත්‍යවරයාට භාරදෙනු ලැබුවා.

පසුගිය වසරේ නොවැම්බර් මස 06 වැනි දින ඔස්ට්‍රෙලියාවේ සිඩ්නි නුවර දී ධනිෂ්ක ගුණතිලකව අත් අඩංගුවට ගැනුණේ කාන්තාවකට බලහත්කාරයෙන් ලිංගික අතවර සිදු කිරීමේ චෝදනා හතරක් යටතේ දියි.

කෙසේවෙතත් ධනිෂ්කව සිඩ්නි අධිකරණයෙන් දැඩි අවවාද කිරීම් සහ නීති මත ඇප මත නිදහස් කෙරුණු අතර, ඔහුට නඩුව අවසන් වන තෙක් එරටින් පිටව යාමට හෝ රැඳී සිටින නවාතැනෙන් ඉවත් වීමට ඉඩ හිමිවූයේ නැහැ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now