ධනුෂ්කට අධිකරණය දුන් තීන්දුව..!

Sri Lanka Danushka Gunathilaka
By Sewvandhi Dec 17, 2022 08:03 AM GMT
Report

කාන්තාවක් දූෂණය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබෙන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක මහතා දැනට පදිංචි වී සිටින නිවසින් ඉවත් වී තනි කාමරයක් සහිත මහල් නිවසකට යාමට සිඩ්නි මහේස්ත්‍රාත් අධිකරණයේ මහේස්ත්‍රාත් ක්ලෙයාර් ෆර්නන් මහත්මිය අවසර ලබා දී තිබේ. 

 ධනුෂ්ක ගුණතිලක මහතා ඊයේ (16) අධිකරණය හමුවේ පෙනී සිටි අවස්ථාවේ මහේස්ත්‍රාත් අධිකරණයේ ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා මෙම ඉල්ලීම සිදු කර ඇත.

ගුණතිලක මහතාට උදව් කිරීමට ඉදිරිපත් වූ පුද්ගලයකුගේ නිවසේ ඔහු ජීවත්වන බවත් නීතිමය ක්‍රියාවලිය ඉතා දීර්ඝ එකක් වනු ඇති බවත් ඒ හේතුවෙන් නව නිවසකට යාමට ඉඩ දෙන ලෙසත් නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා තිබේ.

එම ඉල්ලීම සලකා බලමින් සිඩ්නි මහේස්ත්‍රාත් අධිකරණය ගුණතිලක මහතාට නව නිවසකට යාමට අවසර ලබා දී ඇත. නැවත වරක් ජනවාරි 12 වැනිදා නඩුව කැඳවීමට නියමිතව ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now