මුල්වරට එළියට ආ ධනුෂ්ක ගුණතිලකගේ ඡායාරූප..(PHOTOS)

Sri Lanka Danushka Gunathilaka
By Sithumi Nov 22, 2022 06:20 PM GMT
Report

ටින්ඩර් යෙදුමකින් මුණගැසුණු සිඩ්නි කාන්තාවක දූෂණය කළ බවට චෝදනා ලැබ සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක මේ වනවිට ඇප මත නිදහස්ව සිටින අතර ඔහුට දෛනිකව පොලිසියට පැමිණ පෙනී සිට යායුතුව තිබේ. ඔහු පොලිසියට පැමිණ යන අවස්ථාව ඡායාරූපගත කර news.com.au ප්‍රසිද්ධ කර තිබේ.

"මිතුරෙකුගේ මිතුරෙකු" විසින් ලබා දුන් ඩොලර් 150,000 ක ඇපයක් සහ ක්‍රිකට් ක්‍රීඩකයා විසින් ගෙවිය යුතු තවත් ඩොලර් 50,000 ක ඇපයක් මගින් ධනුෂ්ක ගුණතිලකට බ්‍රහස්පතින්දා ඇප ලැබී ඇතැයිද එම වාර්තාවේ දැක්වේ. 31 හැවිරිදි ධනුෂ්ක අඟහරුවාදා ඔහුගේ දෛනික වාර්තාකරණ තත්ත්වය සඳහා සිඩ්නි හි වයඹ දෙසින් පිහිටි ඊස්ට්වුඩ් පොලිස් ස්ථානයට ඇතුළු වූ අවස්ථාව ඡායාරූපයේ දැක්වේ.

ඔහු නිල් පැහැති සුබාරු ඩබ්ලිව්ආර්එක්ස් එකකින් ආධාරකරුවෙකු සමඟ පැමිණෙනු දක්නට ලැබුණු බවටද වාර්තාවේ සඳහන්ය. ධනුෂ්ක අත්අඩංගුවේ පසුවූ පසු ප්‍රසිද්ධියේ පෙනී සිටි පළමු අවස්ථාව මෙයයි.

ලබන ජනවාරි 12 මීළඟ නඩුවාරය තෙක්ම ඔහුට මෙලෙස දිනපතා පැමිණ වාර්තාකළ යුතු බවට අධිකරණය නියම කර තිබෙන අතර ඊට අමතරව රටින් පිටවීම තහනම් වීම සමාජ මාධ්‍ය භාවිතය තහනම්වීම ඇතුළු කොන්දේසි රැසක්ද ඔහුට පනවා තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


GalleryGalleryGalleryGallery