ධනුෂ්ක 29 තරුණිය සමඟ කරපු සියල්ල ප්‍රථම වරට හෙළිකරයි..ගොඩක් දේවල් කැමැත්තෙන් කරල තියෙන්නෙ.

Danushka Gunathilaka
By Aruna Nov 10, 2022 11:29 PM GMT
Report

ස්ත්‍රී දුෂණ චෝදනා සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනිෂ්ක ගුණතිලකගේ නඩුවේ දත්ත සටහන ඔස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් පොලිසිය විසින් නිකුත් කර තිබෙනවා.

මේ අතර මෙවර ලෝක කුසලාන පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලිය අතරතුර ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානක ඔස්ට්‍රේලියාවේ ඉඩම් විකිණීම් ප්‍රවර්ධන දැන්වීම්ක් සඳහා යොදා ගැනීම සම්බන්ධයෙන්ද ජාතික ක්‍රීඩා සභාවේ සභාපති අර්ජුන රණතුංග මහතා ප්‍රශ්න කර තිබෙනවා.

ඒ ලෝක කුසලාන පන්දුවාර 20 තරගාවලියේදී සිදුවූ සිදුවීම් සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යවරයා කැඳවා තිබු විශේෂ සාකච්ඡාවේදීයි.

ලෝක කුසලාන පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලිය අතරතුර ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනිෂ්ක ගුණතිලකට ස්ත්‍රී දුෂණ චෝදනාවක් එල්ල වූ අතර ඒ අනුව ඔහු මේවන විට පසුවන්නේ ඔස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් පොලිස් අත් අඩංගුවේයි.

පසුගිය සඳුදා ඩව්නිං සෙන්ටර් ප්‍රාදේශීය අධිකරණය හමුවට ධනිෂ්කව ඉදිරිපත් කෙරුණත් විදේශිකයකු වීම ඇතුළු කරුණු හේතුවෙන් ධනිෂ්කගේ ඇප ඉල්ලීම අධිකරණය විසින් ප්‍රතික්ෂේප කළා.

කෙසේ වෙතත් ධනිෂ්කට ඇප ලබා ගැනීම සඳහා යළි ඇප අයදුම් පතක් ඉදිරිපත් කිරීමට සැරසෙද්දී නඩුවේ තොරතුරු වාර්තා කිරීම සම්බන්ධයෙන් එරට මාධ්‍ය වෙත පනවා තිබූ වාරණය ඉවත් කිරීමට ඊයේ අධිකරණය විසින් පියවර ගනු ලැබුවා.

ඒ අනුව නිව් සවුත් වේල්ස් පොලිසිය විසින් අද ධනිෂ්ක ගුණතිලක නඩුවේ දත්ත වාර්තාව අද මුල් වරට මාධ්‍ය වෙත අනාවරණය කළා.

ඒ අනුව සිඩ්නි නුවර රෝස් - බේ හී පදිංචි 29 හැවිරිදි එම කාන්තාව සමගින් ටින්ඩර් නැමැති අන්තර්ජාල යෙදුම හරහා ධනිෂ්ක ගුණතිලක මුල්වරට සම්බන්ධ වී ඇත්තේ පසුගිය ඔක්තෝබර් 29 වැනිදායි.

ඉන්පසුව ඉන්ස්ටග්‍රෑම් සහ වට්ස්ඇප් ඔස්සේ ඔවුන් අතර සංවාද සිදුව තිබේ.

තමා බැලීමට බ්‍රිස්බේන් නුවරට පැමිණෙන ලෙස ධනිෂ්ක ඇයට ඇවිටිලි කර ඇති අතර ඇය එය ප්‍රතික්ෂේප කළ නිසා වීඩියෝ ඇමතුම් මාර්ගයෙන් ඔවුන් දෙදෙනා සම්බන්ධ වී තිබුණා.

එහිදී ඔක්තෝම්බර් මස 31වැනිදා විනාඩි 8ක වට්ස්ඇප් වීඩියෝ ඇමතුමක් මගිනුත්, නොවැම්බර් මස 01වැනිදා විනාඩි 20ක වට්ස්ඇප් වීඩියෝ ඇමතුමක් මගිනුත් ඔවුන් සංවාදයේ නිරත වී ඇත.

කෙසේ වෙතත් පසුව සිඩ්නි නුවරදී දෙදෙනා හමුවීමට එකඟ වී තිබෙනවා.

ඒ අනුව සිඩ්නි නුවර Circular Quay හී ඔපෙරා අවන්හලේදී නොවැම්බර් දෙවැනිදා රාත්‍රී 8ග20ට පමණ දෙදෙනා හමුවු බවයි පොලිස් වාර්තාවේ දැක්වෙන්නේ. එහිදී අදාළ කාන්තාව තමා ධනිෂ්කව දුටුවේ සෙන්ටිමීටර් 190 පමණ උස දේහදාරී පුද්ගලයකු ලෙසට බවයි පසුව සදහන් කර ඇත්තේ.

ඔවුන් පැය භාගයක පමණ කාලයක් අවන්හලේ ගතකර ඇති අතර ධනිෂ්ක අවස්ථා දෙකකදීත් කාන්තාව පහකදීත් මත්පැන් පානය කර තිබෙනවා.

ඉන්පසු පීසා අවන්හලකට ගොස් රාත්‍රී භෝජනය ගෙන කාන්තාවගේ නිවසට යාමට මගී යාත්‍රාවකට ගොඩවීමට තොටුපල වෙත ගොස් ඇති බවද මෙම පොලිස් වාර්තාවේ සඳහන්.

එලෙස මගී යාත්‍රාව පැමිණෙන තුරු සිටින අතරතුර මෙන්ම යාත්‍රාවේදීත් ධනිෂ්ක තමාව බලහත්කාරයෙන් සිපවැළඳ ගත් බව ඇය පොලිසියට පවසා තිබුණා.

එමෙන්ම රෝස්බෙහි නිවසට පැමිණි වහාම ධනිෂ්ක ඇය සමඟ ලිංගික ක්‍රියාකාරකම්වල නිරත වූ බවත් මෙම වාර්තාවේ වැඩිදුරත් සඳහන්.

හදිසි නොවන්නැයි තමා ඉල්ලීම් කළද ධනිෂ්ක එය ප්‍රතික්ශේප කළ බවත් පසුව ඔහු අනාරක්ෂිත අයුරින් තමා සමග ලිංගිව හැසිරුණු බවත් එම කාන්තාව පොලිසියට පවසා තිබෙනවා.

තමන් ලිංගික ක්‍රියාකාරකම් වල නිරත වන්නේ උපත් පාලන කොපුවක් භාවිතා කරන්නේ නම් පමණක් බව ඇය ධනිෂ්කට පවසද්දී පළමුව ඔහු ඊට විරෝධය පළකළත් පසුව එකගවී තිබෙනවා.

ධනිෂ්ක තුන් වතාවක් තමාගේ හුස්ම හිරකර ගෙන සිට ඇති බවටත් ඇය චෝදනා කර තිබෙනවා.

ඔවුන් දෙදෙනා විනාඩි 10යත් 15ත් අතර කාලයක් ලිංගික ක්‍රියාවලියේ නිරතවී සිට තිබෙන අතර අදාළ කාන්තාව පොලිසියට පවසා ඇත්තේ ධනිෂ්කගේ හැසිරීම්වලින් තමා දැඩි කායික පීඩාවකට ලක් වූ බවටයි.

කුලී රථයක් ගෙන්වාගෙන රාත්‍රී 1ට පමණ ධනුෂ්ක සිය නිවසෙන් නික්මුණු බවත්, පසුදින උදෑසන අවදි වූ තමාට ශාරීරිකව ඇතිවූ අපහසුතා සහ වේදනා හේතුවෙන් වෛද්‍ය උපදෙස් ලබා ගැනීමට සිදු වූ බවත් එම කාන්තාව පවසා තිබෙනවා.

නොවැම්බර් මස 5වැනිදා රෝස්බේ පොලිසියට දුරකථන ඇමතුමක් දී සිඩ්නි නුවර බොන්ඩායි පොලිස් ස්ථානය වෙත ගොස් ප්‍රකාශයක් ලබාදී ධනුෂ්ක සමග හුවමාරු කර ගත් පණිවුඩ, දුරකතන සංවාද සහ ඡායාරූප තොරතුරු ඇය පොලිසියට ලබාදී ඇත්තේ ඉන් පසුවයි.

සිඩ්නි නුවර රෝයල් ප්‍රින්ස් ඇල්ෆ්‍රඩ් රෝහල වෙත ගිය ඇය ලිංගික අඩත්තේට්ටම් පරීක්ෂා වකටත් භාජනය වී ඇති අතර මොළයේ ස්කෑන් පරීක්ෂාවක් ද සිදුකර ඇත්තේ හුස්ම සිරවීමකට ලක් වීමෙන් හානියක් වී ඇත්දැයි පරීක්ෂා කිරීමටයි.

පසුව පොලිස් විමර්ශන නිලධාරින් රෝස්බේ නිවස වෙත පැමිණ කළ ස්ථානීය පරික්ෂාවේදී උපත් පාලන කොපුල ටිෂූ සහ ඇඳ ඇතිරිලි ගැනද පරික්ෂා කර තිබෙනවා.

Circular Quay හී ඔපෙරා අවන්හලේ සහ පිට්සා CCTV දර්ශන පරික්ෂා කිරීමෙන් පසු නොවැම්බර් මස 6වැනිදා අලුයම 12යි 53ට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නැවතී සිටි සිඩ්නි හෝටලයේදී ධනිෂ්කව පොලිසිය විසින් අත් අඩංගුවට ගනු ලැබුවා.

එහිදී ඔහුගේ ඛේට සාම්පල ලබාගැනීමටත් පොලිසිය කටයුතු කර තිබෙනවා. පසුව සිඩ්නි අධිකරණය හමුවේ වීඩියෝ තාක්ෂනය හරහා පෙනී සිටි ධනුෂ්ක මෙම කාන්තාව සමග ලිංගිකව හැසිරුණු බව ප්‍රතික්ෂේප කර නැහැ.

කෙසේ වෙතත් එහිදී තමා, ප්‍රචණ්ඩ ලෙස හැසිරුණු බවට සහ ලිංගික ක්‍රියාවලිය සඳහා කාන්තාවගේ කැමැත්තක් නොතිබූ බවට එල්ලවන චෝදනා ධනිෂ්ක ප්‍රතික්ෂේප කළ බවයි වාර්තා වන්නේ.

විමර්ශන නිලධාරීන්ගේ නිගමනය වී ඇත්තේ ධනිෂ්කට මෙම ලිංගික ක්‍රියාවලිය සිදුකිරීම සඳහා පැමිණිලිකාර කාන්තාව විසින් නිදහසේ සහ ස්වේච්චාවෙන් ඉඩලබා දී නොමැති බවටයි.

වෘත්තික ක්‍රිකට් ක්‍රීඩකයකු වන ධනිෂ්ක ගුණතිලක විසින් මාසිකව ඇමෙරිකානු ඩොලර් 8000ක් උපයන බවත්, මාසිකව ඩොලර් 4000ක ආසන්න මුදලක් වියදම් කරන බවටත් පොලිසිස් වාර්තාවේ සදහන්.

මේ අතර මෙවර ලෝක කුසලාන පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියට ශ්‍රී ලංකා කණ්ඩායම කණ්ඩායම සහභාගී සිටින කාළය තුළදී ක්‍රීඩකයින්ට එල්ල වු විනය විරෝධී චෝදනා සහ ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක කුසලානයේ දී සිදු වු දේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් පසුගියදා කොළඹ ක්‍රීඩා අමාත්‍යාංශයේදී පැවැත්වුණා.

ඒ ක්‍රීඩා අමාත්‍යවරයා ලජාතික ක්‍රීඩා සභාවේ සභාපතිවරයාලශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන්, ශ්‍රී ලංකා එක්දින සහ පන්දුවාර 20 නායක දසුන් ශානක, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු සහ කණ්ඩායම් කළමනාකරුගේ සහභාගීත්වයෙන්.

මෙම සාකච්ඡාවේ තොරතුරු මේවන විට මාධ්‍ය වෙත නිකුත් කර තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now