ධනුෂ්ක හා අතවරයට ලක්වූ කාන්තාව දින ගත කිරීම් සිදුකළ විදිහ එළියට - ධනුෂ්ක ගැන පොලිස් වාර්තාවත් එළියට..!
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට එරෙහිව එල්ලවන චෝදනා සම්බන්ධයෙන් විදෙස් මාධ්‍ය මේ වනවිට තොරතුරු රැසක් හෙළිදරව් කර තිබේ. එසේම ධනුෂ්ක ගුණතිලකට එරෙහිව ඔස්ට්‍රේලියානු කාන්තාවක් නගන ස්ත්‍රී දුෂණ චෝදනා පිළිබඳ පොලිස් වාර්තාවේ තොරතුරු හෙළිදරව් කිරීමට සිඩ්නි අධිකරණය අද අවසර දුනි.
ධනුෂ්ක ගුණතිලක ශ්‍රව්‍ය දෘෂ්‍ය සම්බන්ධතාවක් ඔස්සේ අධිකරණයේ පෙනී සිටි අතර සිද්ධියේ තොරතුරු හෙළිදරව්කිරීමට නිව්ස් කෝපරේෂන්, ඒ.බී.බී. ,සිඩ්නි මෝනිං හෙරල්ඩ් සහ චැනල් 9 ඇතුළු මාධ්‍ය රැසක් අවසර ඉල්ලා තිබුණි. සිඩ්නි පොලිසිය විසින් මෙම තොරතුරු මාධ්‍යයට විවෘත නොකරන ලෙස ඉල්ලා තිබුණේ චෝදනා ඉදිරිපත්කරන කාන්තාවගේ ආරක්ෂාව සහ ඇය අපහසුතාවට ලක්වීම වැළැක්වීමට යැයි පවසමින්.
නිව්ස් ඩොට් කොම් ඔස්ට්‍රේලියා වෙබ් අඩවියේ වාර්තාවට අනුව සිඩ්නි නුවර රෝස් - බේ හී පදිංචි 29 හැවිරිදි එම කාන්තාව සමගින් ටින්ඩර් නැමැති අන්තර්ජාල යෙදුම හරහා ධනුෂ්ක ගුණතිලක මුල්වරට සම්බන්ධ වී ඇත්තේ පසුගිය ඔක්තෝබර් 29 වැනිදාය. ඉන්පසුව ඉන්ස්ටග්‍රෑම් සහ වට්ස්ඇප් ඔස්සේ ඔවුන් අතර සංවාද සිදුව තිබේ.
සිඩ්නි පොලිස් වාර්තාවට අනුව මෙම කාන්තාවට තමා බැලීමට බ්‍රිස්බේන් නුවරට පැමිණෙන ලෙස ධනුෂ්ක ඇවිටිලි කර ඇති අතර ඇය එය ප්‍රතික්ෂේප කළ නිසා වීඩියෝ ඇමතුම් මාර්ගයෙන් සම්බන්ධ වී තිබේ. කෙසේවෙතත් පසුව සිඩ්නි නුවරදී දෙදෙනා හමුවීමට එකඟ වූ බව සඳහන් වෙයි. ඒ අනුව සිඩ්නි නුවරදී Circular Quay හී ඔපෙරා අවන්හලේදී නොවැම්බර් දෙවැනිදා රාත්‍රී 8.20ට පමණ දෙදෙනා හමුවී තිබේ.
අධිකරණ වාර්තාවට අනුව ඔවුන් පැය භාගයක පමණ කාලයක් අවන්හලේ ගතකර ඇති අතර දෙදෙනාම මත්පැන් පානය කර තිබේ. ඉන්පසු පීසා අවන්හලකට ගොස් රාත්‍රී භෝජනය ලබාගෙන ඇති අතර ඔවුන් කාන්තාවගේ නිවසට යාමට මගී යාත්‍රාවකට ගොඩවීමට තොටුපල වෙත ගොස් ඇති බව අදාළ වාර්තාවේ සඳහන්ය.
එලෙස මගී යාත්‍රාව පැමිණෙන තුරු සිටින අතරතුරත් යාත්‍රාවේදීත් ධනුෂ්ක තමාව බලහත්කාරයෙන් සිපගත් ඇය පවසා තිබේ. සිඩ්නි පොලීසිය අධිකරණයට වාර්තාකර ඇති අකාරයට සඳහන් වන්නේ නිවසට පැමිණි වහාම ධනුෂ්ක ඇය සමඟ ලිංගික ක්‍රියාකාරකම්වල නිරත වූ බවය. හදිසි නොවන්නැයි තමා ඇවිටිලි කළද ධනුෂ්ක එය ප්‍රතික්ශේප කළ බවත් අදාළ කාන්තාව පවසා තිබේ.
කෙසේ නමුත් පසුව අනාරක්ෂිත අයුරින් ධනුෂ්ක තමා සමග ලිංගිව හැසිරුණු බවත් එම කාන්තාව සඳහන් කර තිබේ. එම කාන්තාව වැඩිදුරටත් පවසා ඇත්තේ ධනුෂ්කගේ හැසිරීම්වලින් තමා දැඩි කායික පීඩාවකට ලක් වූ බවය . එහිදී තමා දැඩි කම්පනයකට ලක් වූ බවත් අධික ශීතලකට නිරාවරණය වූ බවත් ඇය සඳහන් කර තිබේ.
"ඌබර්" වාහනයක් තමන් ලවා ගෙන්වාගෙන රාත්‍රී 1ට පමණ ධනුෂ්ක සිය නිවසෙන් නික්මුණු බවත්, පසුදින උදෑසන අවදි වූ තමාට ශාරීරිකව ඇතිවූ අපහසුතා නිසා වෛද්‍ය උපදෙස් ලබා ගැනීමට සිදු වූ බවත් මෙම කාන්තාව පැවසූ බව සඳහන්ය. සිඩ්නි නුවර බොන්ඩි (Bondi) පොලිස් ස්ථානය වෙත ගිය තමා ප්‍රකාශයක් ලබාදී ධනුෂ්ක සමග හුවමාරු කර ගත් පණිවුඩ, දුරකතන සංවාද සහ ඡායාරූප තොරතුරු ලබා දුන් බවත් ඇය සඳහන් කර තිබේ.
සිඩ්නි නුවර රෝයල් ප්‍රින්ස් ඇල්ෆ්‍රඩ් රෝහල වෙත ගිය ඇය ලිංගික අඩත්තේට්ටම් පරීක්ෂා කිරීමේ ක්‍රියාවලියට භාජනය වී ඇති අතර මොළයේ ස්කෑන් පරීක්ෂාවක් ද සිදුකර ඇත්තේ තමාට හුස්ම සිරවීමකට ලක් වීමෙන් හානියක් වී ඇත්දැයි පරීක්ෂා කිරීමටය. අද සිඩ්නි අධිකරණය හමුවේ ශ්‍රව්‍ය දෘෂ්‍ය මාධ්‍යයක් හරහා පෙනී සිටි ධනුෂ්ක මෙම කාන්තාව සමග ලිංගිකව හැසිරුණු බව ප්‍රතික්ෂේප කර නොමැත.
එහෙත් එහිදී තමා, ප්‍රචණ්ඩ ලෙස හැසිරුණු බවට සහ ලිංගික ක්‍රියාවලිය සඳහා කාන්තාවගේ කැමැත්තක් නොතිබූ බවට එල්ලවන චෝදනා ප්‍රතික්ෂේප කළේය. ධනුෂ්ක ගුණතිලක වෙනුවෙන් පසුගිය සඳුදා ඉදිරිපත් කළ ඇප ඉල්ලීම ප්‍රතික්ශේප වූ අතර නැවත නඩු විභාගය පැවැත්වීමතව ඇත්තේ ලබන වසරේ ජනවාරි 12 වනදාය.
ඒ අනුව ඔහුට ඉදිරි මාස 2 රක්ෂිත බන්ධනාගාරගතව සිටීමට සිදුවනු ඇති බව ඔස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කළේය. එහෙත් ඊට පෙර ධනුෂ්ක වෙනුවෙන් ඇප ලබාගැනීමට තවත් අයදුම්පතක් ඉදිරිපත් කිරීමට ඔහුගේ නීතීඥයන් සූදානමින් සිටී. මේ දක්වා ධනුෂ්ක ගුනතිලක වෙනුවෙන් පෙනී සිටි නීතීඥ ආනන්ද අමරනාත් මහතා ඉවත් කර, සිඩ්නි හී අපරාධ නඩු සම්බන්ධයෙන් පළපුරුද්දක් ඇති නීතීඥ සෑම් පරරාජසිංහම් මහතාගේ සේවය ලබාගැනීමට ධනුෂ්ක ගුණතිලකගේ පාර්ශවය තීරණය කර තිබේ.
මේ අතර ධනුෂ්ක ගුණතිලකගේ සිද්ධිය සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දසුන් ශානක, ප්‍රධාන පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් සහ කණ්ඩායම් කළමනාකරු මහින්ද හලංගොඩව ඊයේ ක්‍රීඩා අමාත්‍යංශය වෙත කැඳවා තිබුණි. වැඩිදුරටත් තොරතුරු වාර්තා වන්නේ එහිදී ක්‍රීඩා අමාත්‍යවරයා සහ ජාතික ක්‍රීඩා සභාවේ නිලධාරීන් ඉදිරියේ ඔවුන් කරුණු දක්වා ඇති බවය.
ශ්‍රී ලංකා ප්‍රධාන පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් ප්‍රථමයෙන්ම ක්‍රීඩා අමාත්‍යාංශයට පැමිණ ප්‍රකාශයක් ලබාදී පිටව ගිය අතර ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දසුන් ශානක පැමිණියේ ඉන් අනතුරුවය. මේ අතර ක්‍රිකට් ආයතනයේ නීති අංශයේ හිටපු ප්‍රධානී චානක සේනාරත්න මහතා පවසන්නේ පැමිණිලිකාර පාර්ශවයේ ලේඛනවල පවතින පරස්පරතා සහ තවත් සාධක කිහිපයක් සැලකිල්ලට ගෙන බැලීමේදී නඩුව ධනුෂ්ක ගුණතිලකට ජය ගත හැකි බවට විශ්වාසයක් පවතින බවය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |