තරුණිය සමතකයට පත් වෙන්න මුදල් ඉල්ලයි..ධනුශ්ක ඊට අකමැති වෙයි.. නවතව තොරතුරු
ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක හට ලිං*ගික අ-තවර චෝදනා එල්ල කළ ඔස්ට්‍රේලියානු තරුණිය විසින් එම සිද්ධිය සමතයකට පත්කර ගැනීම සදහා ඔස්ට්‍රේලියානු ඩොලර් ලක්ෂයක මුදලක් ඉල්ලා ඇති බව වාර්තාවනවා
ඒ සම්බන්ධයෙන් ධනුෂ්ක ගුණතිලකගේ පාර්ශ්වය එකගතාව පළ නොකිරීම හේතුකොට ගෙන මේ වනවිට අදාළ මුදල ඔස්ට්‍රේලියානු ඩොලර් 25,000 දක්වා අඩු කිරීමට එම කාන්තාව කටයුතු කර ඇත.
මෙවැනි තරුණියන් පුරුද්දක් ලෙස ප්‍රකට ක්‍රීඩකයන්, කලාකරුවන් සමග ‘ඩේටින් ඇප්’ ඔස්සේ හදුනාගෙන මේ අයුරින් පුරුද්දක් ලෙස මුදල් උපයන බවට අනාවරණය වී ඇති අතර එවැනි කණ්ඩායම් රැසක්ම ඔස්ට්‍රේලියාවේ සිටින බවද දැනගන්නට ලැබී තිබේ.
ධනුෂ්ක ගුණතිලකගේ සිද්ධියද එවැන්නක් බවට ඔහුගේ පාර්ශ්වයෙන් පැවසෙන බැවින් ඒ පිළිබද නීති මාර්ගයෙන් කටයුතු කිරීමට හෙතෙම තීරණය කොට ඇති බව වාර්තා වේ.
කෙසේවෙතත් මේ වනවිට ධනුෂ්ක ගුණතිලකව සිරගත කොට සිටින අතර එම නීති කටයුත්ත අවසන් වීමට මාස 10කට අධික කාලයක් ගත වනු ඇති බව ඔස්ට්‍රේලියානු ආරංචිමාර්ග සදහන් කරයි.