හිසරදය හදාගන්නේ නැතුව හිස්හොරි කරදරෙන් බේරෙන හොඳම ක්‍රම මෙන්න.

By Wayomi Aug 08, 2022 06:33 AM GMT
Wayomi

Wayomi

in රචනා
Report

හිස්හොරි කියන්නේ ගොඩක් දෙනෙකුට එපා කරපු හිසරදයක්. හිස් කබල වියළීම නිසා හිස්හොරි ඇති වෙනවා කියලා නේද දැනන් හිටියේ. ඇත්තමට හිස්හොරි ඇති වෙන්නේ හිස් කබල වියළීම නිසා විතරක්ම නෙවෙයි අධික තෙල් සහිත සම මතත් ඇති වෙනවා. සම මත ජීවත් වන යීස්ට්, සමේ තෙල් ඉවත් කරන ගමන් වර්ධනය වෙලා තමයි මේ තත්ත්වය ඇති වෙන්නේ.

අපේ අය ප්‍රශ්න වලට විසඳුම හොයන්නෙම ලේසි ක්‍රම මඟින්. ඒ නිසා ඉතින් හිස්හොරි කරදරෙන් මිදෙන්නත් එක එක්කෙනා කියන වචන වලට රැවටිලා රසායනික ද්‍රව්‍ය අඩංගු, මිල අධික පිළියම් තමා භාවිතා කරන්නේ. හැබැයි මිල වැඩි නිසා හොඳයි කියලා ගත්තට, ඒවායේ අඩංගු රසායනික ද්‍රව්‍ය වලින් ඔබේ සමට, හිස්කබලට, හිස අභ්‍යන්තරයට පවා බලපෑම් කළ හැකියි. මොකද සමහර ඒවායේ පිළිකාකාරක වගේ විෂ සහිත සංඝටක අඩංගු වෙන්න පුළුවන්.

ඒ නිසා පුළුවන් තරම ස්වභාවික ක්‍රම අත්හදා බලන්න. ඒවායෙන් කිසිම හානියක් නැහැ. ඒ වගේම හොඳ ප්‍රතිපල ලබාගන්නත් පුළුවන්. හැබැයි ඉතින් දවසක් දෙකක් කරලා වැඩක් නැහැ. සතියකට තුන් හතර පාරක්වත් කරන්න ඕන.

ස්වභාවික පිළියම්


ලෙමන් යුෂ සමඟ දොඩම් ලෙලි

? දොඩම් ලෙලි අරගෙන ඒවා බඳුනකට දාන්න. ඒකටම ලෙමන් යුෂ මිරිකා ගන්න.

?අමුද්‍රව්‍ය පේස්ට් එකක් වෙන තුරු අඹරන්න.

? පේස්ට් එක ඔබේ හිස්කබලේ ආලේප කරලා විනාඩි 30ක් තියන්න.

? ෂැම්පු වලින් ඒක සෝදලා ඉවත් කර ගන්න.


ඇස්පිරින් මිශ්‍ර කළ ෂැම්පු

? ඇස්ප්‍රින් පෙති 2ක් සිහින් කුඩු වෙන්න තලලා ඔබේ සාමාන්‍ය ෂැම්පු එකටම කලවම් කරන්න.

? මිශ්‍රණය හිසකෙස් මත ආලේප කරලා මිනිත්තු කිහිපයක් තියලා පසුව සෝදලා හරින්න.


උළුහාල් ඇට පේස්ට් එක

? උළුහාල් ඇට කිහිපයක් කුඩා වතුර භාජනයකට දාලා එක රැයක් පොඟවා ගන්න.

? උදෙන්ම, ඇට ටික අඹරගෙන පේස්ට් එකක් ලෙස සාදා ඒකටම ලෙමන් යුෂ ටිකක් එකතු කරලා හොඳින් මිශ්‍ර කරන්න.

? පේස්ට් එක ඔබේ හිස්කබලේ සහ හිසකෙස් මත ආලේප කරලා විනාඩි 30ක් වියළීමට තියන්න.

? පසුව එය ෂැම්පු වලින් සෝදන්න.


විනාකිරි සහ කෙසෙල්

? සම්පූර්ණ කෙසෙල් ගෙඩි 1ක් , ඇපල් සයිඩර් විනාකිරි කෝප්ප 2ක් ගන්න.

? කෙසෙල් ලෙල්ල ඉවත් කරන්න. ඇපල් සයිඩර් විනාකිරි එකතු කරන්න,

? පේස්ට් එකක් ලැබෙන තෙක් හොඳින් මිශ්‍ර කරන්න.

? පසුව එම පේස්ට් එක හිසකෙස් වල සහ හිස් කබලේ ආලේප කරලා සම්බාහනය කරන්න.

? මිනිත්තු 20කට පස්සෙ, සාමාන්‍ය ෂැම්පු එක ආලේප කරලා උණුසුම් වතුරෙ සෝදන්න.


බැසිල් කොළ සහ නෙල්ලි කුඩු

? බැසිල් කොළ කිහිපයක්, නෙල්ලි කුඩු තේ හැඳි 2ක් සහ වතුර තේ හැඳි 2ක් එකතු කරන්න.

? දැන් එම පේස්ට් එක හිස්කබලේ ආලේප කරලා විනාඩි 30ක් වේලෙන්න ඉඩ දෙන්න.

? සාමාන්‍ය වතුරින් සෝදන්න.


ලෙමන් සමඟ පොල් තෙල්

? පොල් තෙල් මේස හැඳි 2 ක් රත් කරලා ලෙමන් යුෂ සමාන ප්‍රමාණයක් සමඟ මිශ්‍ර කරන්න.

? දැන් මිශ්‍රණය හිස් කබලේ ආලේප කර හිසකෙස් මෘදු ලෙස සම්බාහනය කරන්න.

? විනාඩි 20ක් තියලා පසුව ෂැම්පු ස්වල්පයකින් සෝදන්න.


කොහොඹ කොළ යුෂ

? කොහොඹ කොළ කිහිපයක් කොටා ඝන තලපයක් සාදාගන්න.

? පසුව එය ඔබේ හිස්කබලට සහ හිසකෙස් වලට ආලේප කර විනාඩි 10ක් තියන්න.

? දැන් වතුරෙන් සෝදා හරින්න.


ලෙමන් යුෂ සමග යෝගට්

? යෝගට් සහ ලෙමන් යුෂ මිශ්‍රණයක් හදා ගෙන ඒක හිසකෙස් මත ආලේප කරලා විනාඩි 20ක් තියන්න.

? පසුව උණුසුම් ජලයෙන් සෝදන්න.


මී පැණි සමඟ සුදුළූණු

? සුදුළූණු කිහිපයක් මී පැණි මේස හැඳි 1ක් සමඟ මිශ්‍ර කර හිසකෙස්වල ආලේප කර විනාඩි 15ක් තියන්න.

? පසුව ෂැම්පු වලින් මිශ්‍රණය සෝදන්න.


ඕනෑම සත්කාරයක් කරන්න කලින් පැච් ටෙස්ට් එකක් කරන්න. හෙනා ගාන්න කලින් කරනවා වගේ,

✳️ හිස්කබලට හෝ සමට සත්කාරයක් කරන්න කලින් ඒක සමට අසාත්මික නොවන බව සහතික කර ගන්න ඕන. ඒ නිසා පාවිච්චි කරන මිශ්‍රණයෙන් කුඩා ප්‍රමාණයක් හිස්කබලේ හෝ මැණික් කටුවේ සම මත කුඩා ප්‍රදේශයක ආලේප කරලා, මිනිත්තු 10-15 කින් සෝදා ඉවත් කර පැය 24ක් ඉන්න.

✳️ මැණික් කටුවේ සම කැසීමකින්, දැවිල්ලක් හෝ රතු පැහැයකින් තොරව නොවෙනස්ව තියනවා නම්, ඔබට භාවිතා කරන්න පුළුවන්.

✳️ නමුත් පැය 24කට පස්සෙ සමේ වෙනසක් දැක්කොත් මිශ්‍රණය හිසකෙස්වල හෝ හිස්කබලේ ආලේප කරන්න එපා.   


ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ 

JOIN NOW