දමිතාගේ චෝදනාවට ජෙලර්වරියගෙන් පිළිතුරු

Sri Lanka SL Protest Sri Lanka Anti-Govt Protest Prisons in Sri Lanka
By Sewvandhi Sep 30, 2022 01:40 PM GMT
Report

රංගන ශිල්පිනී දමිතා අබේරත්න විසින් "තමාව ජරා ගෑනු ඉන්න වාට්ටුවක රඳවන ලෙසට" ඉහළින් බලපෑම් කළ බව කියන ප්‍රකාශය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කළ බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි. වැලිකඩ බන්ධනාගාර කාන්තා අංශයේ රඳවා සිටි දමිතා අබේරත්න ඇප මත මුදාහැරීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ එම ප්‍රකාශය කරතිබූ බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

වැලිකඩ බන්ධනාගාර කාන්තා අංශයේ ප්‍රධාන ජේලර්වරියගෙන් වැලිකඩ බන්ධනාගාර අධිකාරීවරයා විසින් ප්‍රශ්න කිරීමේදී ඇය සඳහන් කර ඇත්තේ තමා හට එවැනි කිසිඳු බලපෑමක් සිදුනොවූ බවය. දමිතා අබේරත්නගේ ආරක්ෂාව වෙනුවෙන් ඇයව සුදුසු ස්ථානයක රැඳවීමට කටයුතු කර ඇති බවද එහිදී අනාවරණය වී ඇත.

එබැවින් වැලිකඩ බන්ධනාගාර කාන්තා අංශයේ ප්‍රධාන ජේලර්වරිය දමිතා අබේරත්න සිදුකර ඇති චෝදනාව ප්‍රතික්ෂේප කරන බවට දන්වා ඇති බවද බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now