රංගන ශිල්පිණි දමිතා අබේරත්න රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

Galle Face Protest Sri Lankan protests Sri Lanka
By Sewvandhi Sep 08, 2022 09:21 AM GMT
Report

අරගල ක්‍රියාකාරිනී, රංගන ශිල්පිනි දමිතා අබේරත්න මහත්මියව රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. ඇයව අද (08) කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එලෙස එළඹෙන 14 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට පියවර ගෙන ඇත.

පසුගිය ජුලි මස ජනාධිපති ලේකම් කාර්යාලයට බලහත්කාරයෙන් ඇතුළුවී එහි දේපළවලට හානිකිරීමේ චෝදනාවට ඇයව අත්අඩංගුවට ගැනුණි.

බත්තරමුල්ල දියත උයනේ ඊයේ (07) පස්වරුවේ පැවති විරෝධතාවක් අවසන් කර නැවත යමින් සිටියදී දමිතා අබේරත්න මහත්මිය කොළඹ උතුර අපරාධ කොට්ඨාසයේ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.


 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
JOIN NOW