"..මම හිටපු ගෙදර දොර උකස් කරලා ඒවා විකුණුවා..දැන් මට ඉන්න ගෙයක් නැතුව බොහොම අමාරුවෙන්.." කවුරුත් ආදරේ කරන නිහතමානී ගායකයා දමිත් අසංක සංවේදීව හඬ අවදි කරයි..(PHOTOS)

Sri Lanka Gossip Today
By Sewvandhi Nov 07, 2022 09:58 AM GMT
Report

අපේ සංගීත ක්ශේෂ්ත්‍රය තුල කාලෙන් කාලෙට ජනප්‍රිය තරු බිහිවුනත් මොවුන්ගේ හඩට ප්‍රිය කරන රසික හදවත් තවම අපේ රටේ ඉන්නවා. ඉතින් එදා කියපු ඒ ගීත ප්‍රේක්ෂකයන් නැවත් නැවත අහන්නේ තවමත් ඒ ගීත වලට ඇති ආදරය අඩුවක් නැති නිසයි.

දමිත් අසංක කියන්නෙත් එවැනි ප්‍රේක්ෂක හදවතට ගීත ගායනා කරමින් එදා මෙදා තුර ජනප්‍රියත්වය කිසි අඩුවක් නැතිව ලබා ගන්න වාසනාවන්ත් වුණු කෙනෙක්. දමිත් අසංක ගැන කතා කලාම ඔහු කාලයක් ප්‍රශ්න රාශියකට මුහුණ දුන් කෙනෙක්. සංගීත ප්‍රසංගවලට නැතුවම බැරිව හිටපු ගායකයා හදිස්සියේම අපිට ඔහුගේ ගීත තුළින් ඔහුව දැක ගන්න ලැබෙන්නේ නෑ.

ඔහුගේ සමකාලීන ගායකයන්ට හා සමානව දමිත් අසංක පේන්න හිටියේ නැතත් ඔහුටත් රසික ආදරය නිතැතින්ම ලැබෙනවා. දමිත් අසංක අපේ ආදරණීය ගායකයා ගායනා කල ගීත අතර ජනප්‍රිය ගීත විදියට මගේ ප්‍රථම ආදරේ, මායින් ගමේ, මේ අනන්ත රාත්‍රියේ, නුබ කාටදෝ ආදරේ, සිතට දැනුනු ඔබේ ආදරේ, සිතත් එක්ක යන්න යං, සුදු මුහුණ දැක ගන්න, වෙන් වෙන්න පුලුවන්නම් වැනී ගීත ප්‍රේක්ෂක අපි අදටත් අහන්න ප්‍රියතම ගීතයන්.

ඔහුගේ අතීතය ගැන දමිත් අසංක එක්තරා මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වලා තිබුණේ මේ විදියටයි.

මම ඉස්සර දවසට ලක්ෂ හය හතක් හෙව්වා. නමුත් ඒ දේවල් මම වියදම් කලා. මියුසික් බෑන්ඩ් පටන් ගත්තා. කොච්චර හෙව්වත් ඒ දේවල් ඒ කාලෙම වියදම් වුණා. අවසානෙට මම හිටපු ගෙදර දොර උකස් කරලා ඒවා විකුණුවා. දැන් මම ඉන්න තැනක් හදන ගමන් ඉන්නේ. ඒකට මට ගොඩක් කට්ටිය උදව් කරනවා. අද කාලේ ගෙයක් හදනවා කියන්නෙත් අමාරු දෙයක්නේ. අද රටේ තියෙන ආර්ථිකයත් එක්ක කාගෙන්වත් උදව් ඉල්ලන්නත් බෑ. මම දැන් ඉන්නේ දෙමාපියන්ගෙන් ලැබුණු තැනක.”

ඉතින් ජනප්‍රිය ගායක දමිත් අසංක මේ විදියටයි අදහස් දක්වලා තිබුණේ. ඔහුගේ ඒ සියලු බලාපොරොත්තු හිතන විදියටම ඉටු වෙන්නට අපිත් සුබ ප්‍රාර්ථනා එක් කරන්නෙමු.



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


GalleryGalleryGalleryGallery