ජැෆ්නා කණ්ඩායමට ලැබුණු ඉලක්කය

Cricket Sri Lanka
By Sewvandhi Dec 07, 2022 11:35 AM GMT
Report

LPL තරගාවලියේ ජැෆ්නා කණ්ඩායමට එරෙහිව ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් දඹුල්ල කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 121ක් රැස්කරගැනීමට සමත්විය.

එහිදී අගනා පන්දු යැවීමක නිරත වූ විජයකාන්ත් ලකුණු 24කට කඩුලු 3ක් දවාගත්තේය. එසේම දඹුල්ල කණ්ඩායමට හිසරදයක් වූ මහීෂ් තීක්ෂණද සුපුරුදු දක්ෂතා අතරට එමින් කඩුලු 3ක් දවාගැනීමට සමත්විය.

දඹුල්ල කණ්ඩායම වෙනුවෙන් අගනා ඉනිමක් ක්‍රීඩා කළ Jordan Cox හයේ පහර 4ක් සහ හතරේ පහර 3ක් සමඟ ලකුණු 43ක් රැස්කළේය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now