කම්මුල් වලට හානි කරන ඔබේ වැරදි පුරුදු.

By Wayomi Aug 15, 2022 11:13 AM GMT
Wayomi

Wayomi

in රචනා
Report

හැමෝම වගේ මුල් තැන දෙන්නේ මුහුණට. කොච්චර පාටට හිටියත් මුහුණ කැත වුණොත් වැඩකුත් නැහැනේ. විශේෂයෙන්ම තරුණියකගේ සුන්දරත්වය වැඩිපුරම ඉස්මතු කරන්නේ, පිරුණු කම්මුල්. හැබැයි ඉතින් ගොඩක් වෙලාවට තරුණියන්ට එහෙමත් නැත්නම් කාන්තාවන්ට තියෙන ගැටළුවක් තමයි කම්මුල් එල්ලා වැටීම. කම්මුල් එල්ලා වැටීමෙන් ඔබේ පෙනුමට ලොකු හානියක් ඇති කරනවා.මේ විදිහට ඔබගේ කම්මුල් එල්ලා වැටෙන්න ස්වභාවික හේතු වලට අමතරව ගොඩක් වෙලවට බලපාන්නේ ඔබ දැන හෝ නොදැන කරන ඇතැම් වැරදි.

? නිතරම ජංගම දුරකථන හෝ ටැබ් වැනි ඉලෙක්ට්‍රොනික් උපකරණවල තිරය දෙස අනවශ්‍ය ලෙස බලා සිටීමෙන් ඔබේ මුහුණට හානි සිදුවෙනවා. එයින් කම්මුල් එල්ලා වැටීම පමණක් නොව මුහුණේ රැලි ඇතිවීමටත් බලපානවා.

? බර අඩු කරගන්න කියලා හිතලා සමහරු මේදය සහිත ආහාර සම්පුර්ණයෙන්ම පාලනය කරනවා. හැබැයි මේදවල අඩංගු ඔමේගා 3, ඔමේගා 6 වැනි මේද අම්ල සමේ සෛලවල ඇදෙනසුලු බව ආරක්ෂා කිරීමට උපකාරී වෙනවා කියලත් මතක තියාගන්න.

? සමේ ඇදෙනසුලු බව අහිමිවීම සඳහා ප්‍රධානතම හේතුව වන්නේ ඊස්ට්‍රජන් හෝර්මෝනය හිඟවීමයි. මෙම හෝර්මෝනය ඉලාස්ටින් සහ කොලජන් නිපදවීමට හේතු වෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස අඩු ඊස්ට්‍රජන් මට්ටමක් ඇති කාන්තාවන්ගේ සම සුදුමැලිවීම, එල්ලා වැටීම සහ රැලි වැටීම සිදු වෙන්න පුළුවන්.

? සීනි පරිභෝජනය කිරීම සම එල්ලා වැටීමට ලොකු හානියක් කරන බවයි වෛද්‍යවරු පවසන්නේ. සීනි අණුවලින් අස්ථිතුළ ඇති කොලජන් සහ ඉලාස්ටින් අකර්මණ්‍ය කිරීමට හැකියාව තියෙනවා. ඒ නිසා ඔබ පරිභෝජනය කරන සීනි ප්‍රමාණය වැඩිවන තරමට එය ඔබේ සමට හානි වෙනවා.  


ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ 

JOIN NOW