ඉන්දීය සිනමාවේ දුෂ්ඨයාට සිර දඩුවම්..! (PHOTOS)

By Sewvandhi Oct 22, 2023 01:46 PM GMT
Report

ඉන්දීය අධිකරණයක් විසින් ඉන්දියාවේ ප්‍රසිද්ධ බොලිවුඩ් නළුවෙකු වන දලිප් තහිල්ට මාස දෙකක සිර දඬුවමක් නියම කර තිබේ.

2018 වසරේ දිනයක දී බීමත් ව රිය පැදවීම සහ කාන්තාවක් අනතුරට පත් කිරීම හේතුවෙන් මෙම දඩුවම නියම වුණා.

එහි දී අධිකරණය නියමකර ඇත්තේ, අගතියට පත් වූ කාන්තාවට ද ඉන්දීය රුපියල් 5,000ක වන්දි මුදලක් ද ගෙවන ලෙසටය.

එමෙන්ම තමන් මෙම නඩු තීන්දුවට එරෙහි ව ඉහළ අධිකරණයකට නඩුවක් ගොනු කරන බවයි, දිලිප් තහිල් පවසා අත්තේ.

මේ වන විට 70 වැනි වියේ පසු වන දලිප් තහිල්, ඉන්දීය සිනමාවේ හතුරා ගේ චරිතයට බොහෝ අවස්තාවල දී රංගනයෙන් දායකත්වය ලබා දී තිබේ.

GalleryGalleryGalleryGallery