පරිප්පු සහ සීනි මිලත් අඩුවෙයි

Food Shortages Sri Lanka Sri Lanka Food Crisis
By Sewvandhi Oct 21, 2022 11:09 AM GMT
Report

පිටකොටුව තොග වෙළදපොලේ පරිප්පු සහ සුදු සීනි කිලෝවක මිල රුපියල් 25 කින් සහ රුපියල් 15 කින් අඩුවී තිබෙනවා. 

 අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කළේ පසුගිය සතියේ රුපියල් 400 ක්ව පැවති පරිප්පු කිලෝවක මිල රුපියල් 375 ක් දක්වා අඩුවී ඇති බවයි.

එමෙන්ම පසුගිය සතියේ රුපියල් 250 කට පැවති සුදු සීනි කිලෝවක මිල රුපියල් 235 දක්වා අඩුවී ඇති බවයි එම සංගමය සඳහන් කළේ.

මේ අතර තිරිඟු පිටි කිලෝවක තොග මිලද රුපියල් 265 ත් 280 ත් අතර මිලකට පිටකොටුව තොග වෙළදපොලේ අලෙවි වනවා.


 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now