ඇමතිධුරය ප්‍රතික්ෂේප කල ඇමති අමාත්‍යංශය වෙනස් කර වැඩ භාරගනී - එකම ක්ෂේත්‍රයට අමාත්‍යවරු දෙදෙනෙක්

Parliament of Sri Lanka Sri Lanka Sri Lanka Cabinet Minister of Energy and Power
By Sewvandhi Sep 09, 2022 08:03 AM GMT
Report

අමාත්‍ය ඩී වී චානක මහතා විදුලි බල හා බලශක්ති රාජ්‍ය අමාත්‍යධුරයේ වැඩ භාරගෙන තිබේ. ඒ මහතා ඊයේ දිනයේ වනජීවී හා වන සම්පත් සංරක්ෂණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ජනපති ඉදිරියේ දිවුරුම් දුන් අතර ඉන් සුළු වේලාවක පසුව එම අමාත්‍ය ධුරය ප්‍රතික්ෂේප කිරීමට පියවර ගෙන තිබුණි.

ඒ අනුව ඩී වී චානක මහතාට විදුලි බල හා බලශක්ති රාජ්‍ය අමාත්‍යධුරය ලබාදීමට පියවර ගෙන ඇති අතර ඉන්දික අනුරුද්ධ මහතාද ඊයේ දිනයේ විදුලි බල හා බලශක්ති රාජ්‍ය අමාත්‍යධුරයේ දිවුරුම් දෙනු ලැබීය.  


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now