දිවුරුම් දී පැයකින් පොහොට්ටුවේ ප්‍රබලයෙක් ඇමති ධූරය එපා කියයි..ජනපතිට කරන්න සිදු වූ දේ..
Ranil Wickremesinghe
Kanchana Wijesekera
By Aruna
කැලේ එපා කිව්ව චානකට විදුලිය දෙයි ?
පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී. වී. චානක තමන්ට ඊයේ (8දා) ලැබුණු වනජීවි හා වන සම්පත් සංරක්ෂණ රාජ්‍ය ඇමැති ධුරය ප්‍රතික්ෂේප කර ඇති බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.
ඇමැති ධුරයේ දිවුරුම් දී පැයක වැනි කාලයකදී මන්ත්‍රීවරයා මේ බව ජනාධිපතිවරයාට දැනුම් දී තිබේ.
ඒ අනුව ඩී. වී. චානක මන්ත්‍රීවරයාට විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ධුරය ලබාදීමට ජනාධිපතිවරයා තීරණය කර තිබේ.
විදුලිබල හා බලශක්ති රාජ්‍ය ඇමැති ධුරයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධද ජනාධිපතිවරයා ඉදිරිපිට (8දා) පෙරවරුවේ දිවුරුම් දුන්නේය.
විදුලිබල හා බලශක්ති ඇමැතිවරයා ලෙස කටයුතු කරන්නේ කාංචන විජේසේකර මහතාය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |