කඩතොළු නොවෙන විදිහට ලස්සනට කට්ලට් බැදගන්නේ කොහොමද?
කට්ලට් කියන්නේ බේරගන්න බැරි කෑමක්. හැබැයි ගොඩක් අයට තියෙන ගැටළුවක් තමයි කට්ලට් හදද්දී කට්ලට් එක පිපිරීම. ඉතින් මීට පස්සේ පිපිරෙන්නේ නැති වෙන්න, කිසිදු පලුද්දක් නැති වෙන්න ලස්සනට කට්ලට් ටික බැදගන්න මෙන්න මේ Tips ටික Follow කරන්න.
කට්ලට් පිපිරෙන්න සහ කඩතොළු වීමට හේතු.
? කට්ලට් මිශ්‍රණය තෙත ගතියට තිබීම .
? සමහරු කට්ලට් මිශ්‍රණයට ලුණු ගොඩාක් දානවා. එතකොට ලුණු වල තෙත් ගතිය නැති වෙනකම් බැදෙන්න ඇරල තමයි අල සහ මාළු මිශ්‍රණය දාගන්න ඕන.
? ඒ වගේම ටින් මාළු ගන්නව නම් එහි වතුර හොඳින් බේරා කෑලි පමණක් ගන්න.
?ළූණු, අමුමිරිස් කපද්දි ඉතා කුඩාවට කපාගන්න ඕන.
? කරපිංචා කුඩාවට කපන්න පුළුවන් නැතිනම් කරපිංචා කොලේ ඉවත් කරලා ගුලි හදන්න.
? ඒ වගේම ලිපෙන් බාගත්තට පස්සේ කුරුඳු පොතු අයින් කරන්න ඕන.
? අල ගොඩාක් තම්බා ගන්න එපා.අල බෙරි වෙනකම් තැම්බුනොත් කට්ලට් දියාරු රසක් එනවා වගේම ලස්සනට බෝල කරන්න බෑ. බුරුල් ගතියක් එනවා.
? කට්ල්ට් මිශ්‍රණය හොඳ වියලි මිශ්‍රණයක් වෙන්න ඕන.
කට්ල්ට් බැදීමට සූදානම් කිරීමේදී
? හොඳින් ගුලියක් ලෙස හැඩය සකසාගන්න ඕන.
? බිත්තර සාරු දවටා ,පාන් කුඩුවල දවටන්න ඕන. නැවත ඒ ලෙසම බිත්තර සාරු දවටා දෙවරක් පාන් කුඩු දවටාගන්න පුළුවන්.
? නැත්නම් පළවෙනි පාරම, බිත්තර සාරු දවටන්න කලින් පාන්කුඩු වල දවටා ගෙන දෙවනුව බිත්තර සාරු දවටා එය නැවත පාන් කුඩු වල දවටන්න.
කට්ලට් බැදීම
? තෙල් හොඳින් රත්වූවාට පසු ගින්දර රස්නය මධ්‍යම ප්‍රමාණයට අඩු කර කට්ලට් දමා බැදගන්න.
? හැන්ද කට්ල්ට් එකේ නොවදින සේ පලුදු නොවන සේ කට්ල්ට් එක එහා මෙහා කරන්න.
ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ |