වෘෂණ කෝෂ දෙක කපාගෙන ඒ දෙක පොලිතින් බෑගයක දමාගෙන රෝහලට ගිහින්.

Gossip Today
By Wayomi Jan 13, 2023 08:58 AM GMT
Report

ඊයේ (12දා) පෙරවරුවේදී තම වෘෂණ කෝෂ දෙක තියුණු ආයුධයකින් කපා වෘෂණ කෝෂ දෙක පොලිතින් බෑගයක දමාගෙන පොල්පිතිගම මූලික රෝහලට ඇතුළත් වූ රෝගියෙක් ගැන පුවතක් වාර්තා වෙනවා.

ඔහු කුඹුක්ගැටේ පොලිස් වසමේ පදිංචි 63 හැවිරිදි වියේ පසුවන පුද්ගලයෙක්.

මෙම පුද්ගලයා විසින් පොල්කඩන්නට භාවිත කරන පොල් කෙක්කකින් තම වෘෂණ කෝෂ දෙක වෙන්වන්නට කපාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී වෘෂණ කෝෂ දෙකම සම හා නහර අතරින් කැපී වෙන් වී බිමට වැටී ඇති අතර අනෙක් කොටස් සමෙන් කැපී වෙන් නොවී එල්ලෙමින් තිබිය දී අධික ලේ වහනය නවතා ගැනීමට නොහැකිව පවුලේ අය විසින් ඔහුව ඊයේ උදෑසන රෝහලට ඇතුළත් කර තිබෙනවා.

අදාළ පුද්ගලයාගේ අවස්ථා කිහිපයකදීම මෙය කපා ඉවත් කරන්නට තැත් කර තිබෙන අතර පොලිසිය සැක කරන්නේ, ඔහුගේ බිරිය හා පුතෙක් මීට මාස කිහිපයකට පෙර සියදිවි නසා ගෙන ඇති බැවින් ඔහු එම තත්ත්වය මත යම් මානසික රෝගී තත්ත්වයකින් පසුවන බවයි.

අලුත්ම වාතාවරණය මතා වකුගඩු ජාවාරම්කරුවන් වකුගඩු මිල දී ගන්නා බවට ඔහු බියකර ඇති නිසා මානසික රෝගිතාවයෙන් පෙළෙන ඔහු ඉන් මිදෙන්නට මෙය සිදුකර ගන්නට ඇති බවට අනුමාන කරන බවට පවුලේ අයගෙන් තොරතුරු අනාවරණය වූ බවත් සඳහන්.

රෝගියාව, වෙන්ව ඇති වෘෂණ කෝෂ ආරක්ෂිත බඳුනක දමා කඩිනම් ප්‍රතිකාර ලබා දෙමින් කුරුණෑගල ශික්ෂණ රෝහලට මාරුකර යවා තිබෙනවා.

කුරුණෑගල හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කළ රෝගියා මේ වනවිට මෞත්‍ර ලිංග ඒකකයට යොමු කර තිබෙනවා.

කැපී වෙන් වු කොටස් නැවත බද්ධ කළ හැකි ද යන්න සම්බන්ධව විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් පරීක්ෂණ සිදු කරන බවත් වාර්තා වෙනවා.     


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 

JOIN NOW