ඇඳිරි නීතිය දීර්ඝ කරනවාද..? - පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ
Curfew
Sri Lanka
Economic crisis
Ajith Rihana
By Sewvandhi
දිවයින පුරා ක්‍රියාත්මක ඇඳිරි නීතිය හෙට පෙරවරු 6න් පසුව දීර්ඝ කිරීමට මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව ජ්‍යෙෂ්ඨ පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා පවසයි.
ඊයේ පස්වරු 6 සිට සඳුදා උදෑසන 6 දක්වා රජය දිවයින පුරා ඇඳිරි නීතිය පනවනු ලැබුවා.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ, නිවේදනය කළ පරිදි හෙට උදෑසන ඇඳිරි නීතිය ඉවත් කරන බවයි.
මේ අතර අද සවස ඇඳිරි නීතිය නොතකා දිවයිනේ විවිධ ප්‍රදේශවල විරෝධතා කිහිපයක් ක්‍රියාත්මකයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |