පිරිමින්ට පමණක් විෂ වන කුප්පමේනියා මැල්ලුමේ ඇත්ත කතාව මෙන්න.
ආයුර්වේදයේ ප්‍රතිකාර රැසකට ගන්න කුප්පමේනියා කියන්නේ ප්‍රොටීන්, කාබෝහයිඩ්ඩ්‍රේට්, කැල්සියම්, යකඩ, මේදය, විටමින් C ,තන්තු, පොස්පරස්, ආදී පෝෂ්‍ය පදාර්ථ රැසක් අඩංගු ඖෂධීය ශාකයක්. ඉතින් ගොඩක් අය පුරුදුවෙලා ඉන්නවා මේවා මැල්ලුම් හදලා කන්න. එහෙම කෑවා කියලා කිසිම අගුණයක් නැහැ. නමුත් සමහර අවස්ථා වලදී කුප්පමේනියා මැල්ලුම් විෂ විය හැකියි.
🩸 ඒ විදිහට විෂ වෙලා මැරෙන්න වුණත් පුළුවන්. මේ කියන්න යන්නෙත් ඒ වගේ කුප්පමේනියා මැල්ලුම් පුංචි දරුවෙකුට විෂ වූ සිදුවීමක් ගැනයි.
🩸 තද රතු පැහැයට මුත්‍රා පිටවීම හේතුවෙන් අවුරුදු 3 ක කුඩා දරුවෙක් රෝහල් ගත කරලා තියෙනවා.
🩸 හැබැයි මේ දරුවට වේදනාවක්, උණක් හෝ මුත්‍රා දැවිල්ලක් වැනි කිසිම රෝග ලක්ෂණයක් තිබිලා නැහැ.
🩸 සාමාන්‍යයෙන් මෙහෙම මුත්‍රා පිට වන එක වෛද්‍ය විද්‍යාවට අනුව හඳුන්වන්නේ Painless hematuria / macroscopic hematuria ලෙසයි.
🩸 Painless hematuria තත්වයක් ඇති වන්න මුත්‍රා ආසාදන, මුත්‍රා ගල්, වගේම රුධිරය සහ වකුගඩු ආශ්රිත විවිධ රෝග බලපානවා.
🩸 නමුත් මේ දරුවාට ඒ කිසිම රෝග ලක්ෂණයක් නොතිබුණු නිසා රුධිරය පරීක්ෂණයක් සිදු කර තිබෙනවා.
🩸 එමඟින් අනාවරණය වෙලා තියෙන්නේ ඔහුට ඉතාමත් කළාතුරකින් ඇතිවන G6PD Deficiency කියන රෝග තත්වය ඇති බවයි.
🩸 එහිදී සිදු වන්නේ රුධිරයේ ඇති රතුරුධිරාණු සෛල බිදීයාමෙන් වලක්වා ගැනීමට ඇති එන්සයිමයක් වන G6PD එන්සයිමය උපතින්ම නොමැති වීමයි.
🩸 එවැනි රෝගීන්ට කිසියම් විදිහකින් රතුරුධිරාණු විනාශ කළ හැකි ද්‍රවයක්, විෂක් ශරීරගත වුණොත් ඔවුන්ගේ රුධිර සෛල බිදීයාම වේගවත් වී වකුගඩු තුළින් බිදීගිය රක්තාණු මේ විදියට ඉතා වේගයෙන් ඉවත්වී මුත්‍රා සමඟ පිටවෙනවා.
🩸 එම ක්‍රියාවලිය හඳුන්වන්නේ hemolysin ලෙසයි.
🩸 ඉතින් මේ වගේ අපිට පිටතින් ශරීරගත වෙන්න පුළුවන් වර්ග කීපයක් තියනවා.
🩸 ඒ, ඇස්පිරින් වැනි බෙහෙත් සහ ඇතැම් කෑම වර්ග.
🩸 වැදගත්ම කරුණ තමයි මේ වගේ විෂ විය හැකි දේවල් සිරුරට ඇතුල් වූ වුණොත් ඇරෙන්න මෙම රෝගයෙන් කිසිම හානියක් වෙන්නේ නැහැ.
🩸 මොකද මේ රෝගය ප්‍රවේණිගත රෝගයක්. ( පරම්පරාගත). පිරිමින්ට විතරයි හැදෙන්නේ . (ඉතාමත් කළාතුරකින් ගැහැණුන්ට හැදෙන්න පුළුවන්.) දැන් මේ කුඩා
දරුවාට මේක වුණේ කොහොමද?
🩺 ඔහු ළඟකදී කිසිම බෙහෙතක් බීල තිබුනේ නැහැ.
🩺 ඒ නිසා ඔහුගේ කෑම ගැන දැඩි අවධානයක් යොමු කළ අතර එහිදී දැනගන්න ලැබුණේ ළඟ ළඟ වේල් දෙකකටම කුප්පමේනියා මැල්ලුම් ආහාරයට ගෙන ඇති බවයි.
🩺 කුප්පමේනියාවල තියෙනවා රතුරුධිරාණු බිදීයාමකට ලක් කළ හැකි සංයෝගයක්.
🩺 ඒ නිසා තමයි මේ දරුවාට මේ විදියට තද රතු පැහැති මුත්‍රා පිටවෙලා තියෙන්නේ.
🩺 ඉතින් මෙවැනි නොසිතූ දේවල් ඕනෑම වෙලාවක වෙන්න පුළුවන්. මොකද එවැනි අවස්ථා වලදී තමයි මෙලෙස ප්‍රවේණිගත රෝග වුණත් හඳුනාගන්න පුළුවන් වෙන්නේ.
Dr රවින්ද උඩගමගේ සටහනකින් තොරතුරු ලබාගන්නා ලදී.
ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ |