ලංකාවෙන් චීනයට තහනමක්..
                                    
                    Jaffna
                
                                                
                    Sri Lanka
                
                                                
                    China
                
                        
        
            
                
                By Piyumika
            
            
                
                
            
        
    යාපනය දිස්ත්‍රික්කයේ මුහුදු කූඩැල්ලන් වගාකිරීමට චීනයට ලබාදුන් අවසරය තහනම් කිරීමට ධීවර ඇමති ඩග්ලස් දේවානන්ද තීරණය කර ඇත.
ඉකුත් යහපාලන කාලයේ යාපනය දිස්ත්‍රික්කයේ චීන සමාගමකට මුහුදු කූඩැල්ලන් වගා කිරීමට අවසර ලබාදී තිබූ බවත් එනිසා යාපනයේ ජනතාවට ආර්ථිකමය වශයෙන් දැඩි බලපෑමක් එල්ලවූ බවත් ඇමතිවරයා සඳහන් කර තිබේ.
එම හේතුව නිසා එම ජනතාවගේ ආර්ථිකය මෙන්ම රැකියා අවස්ථා ආරක්ෂා කිරීම සඳහා එම චීන සමාගම වෙත ලබාදී තිබූ බලපත්‍ර අහෝසි කිරීමට පියවර ගත් බවයි යාපනය දිස්ත්‍රික්කයේ මුහුදු කූඩැල්ලන් වගාකරුවන් සමග පැවති සාකච්ඡාවකදී ඇමතිවරයා සඳහන් කරනු ලැබූයේ.
 
                 
                 
                                             
     
     
        
     
     
     
     
    