කොළඹ ජාතික රෝහලේ CT යන්ත්‍ර දෙකක් හදිස්සියේ බිඳ වැටෙයි.

Sri Lanka Colombo Hospital
By Hashini Aug 31, 2023 05:39 AM GMT
Report

කොළඹ ජාතික රෝහල තුළ පවතින CT ස්කෑන් යන්ත්‍ර 4න් දෙකක් මේ වන විට බිඳවැටීම හේතුවෙන් රෝගීන් මෙන්ම විකිරණ ශිල්පීන් දැඩි අසීරුතාවට පත්ව ඇති බව රජයේ විකිරණ විද්‍යාව තාක්ෂණවේදීන්ගේ සංගමය පවසනවා.

රජයේ විකිරණ විද්‍යාව තාක්ෂණවේදීන්ගේ සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම මහතා පවසන්නේ,

ඊයේ දවසසේදී බිඳ වැටුණු යන්ත්‍රයෙන් තමයි අපි දිනකට රෝගීන් 250කට වැඩි පිරිසකගේ CT ස්කෑන් පරික්ෂණ සිදුකරන්නේ.

ලංකාවේ මේ වනවිට CT ස්කෑන් යන්ත්‍ර 7කට වැඩි ප්‍රමාණයක් බිඳවැටුණු තත්ත්වයේ තිබෙන්නේ.

එම රෝහල්වල පවතින CT යන්ත්‍ර ඉතා ඉක්මනින් ප්‍රතිස්ථාපනය කළ යුතුයි.

මොකද එහෙම නැති වුණොත් රෝගීන් ප්‍රවාහනයට සහ පෞද්ගලික අංශයෙන් CT පරීක්ෂණ කර ගැනීම සඳහා අපිට ඊට වැඩිය වැඩි මුදලක් වැය කරන්න සිද්ධවෙනවා.