මෙරට රජයේ රෝහල් 7ක් ගැන එළියට ආ අසුබ ආරංචිය මෙන්න..
මේ වන විට රජයේ රෝහල් 7ක සී.ටී. ස්කෑන් යන්ත්‍ර අඩපණ ව ඇති බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය සඳහන් කළේ ය.
එම සංගමය පැවසුවේ, එම තත්ත්වය හමුවේ අදාළ රෝහල්වලට පැමිණෙන රෝගීන් මෙන්ම රෝහල් බලධාරීන්ද දැඩි අපහසුතාවකට පත්ව ඇති බව ය.
මෙරට රජයේ රෝහල් 44ක සී.ටී. ස්කෑන් යන්ත්‍ර පවති.
ඒ අතරින් 7ක්ම මේ වනවිට සම්පූර්ණයෙන්ම අක්‍රීය වී ඇත.
මෙලෙස සි.ටී. ස්කෑන් යන්ත්‍ර අඩපණ වූ රෝහල් අතරට අයත් වන්නේ රත්නපුර මහ රෝහල, කරවනැල්ල මූලික රෝහල, ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහල, හම්බන්තොට මහ රෝහලේ පිළිකා ප්‍රතිකාර ඒකකය, කල්මුනේ මූලික රෝහල, කොළඹ ජාතික රෝහලේ බාහිර රෝගී අංශය සහ කළුතර මහ රෝහල යි.
පිළිකා හඳුනා ගැනීම, රුධිරවාහිනී පද්ධතියේ ගැටලු හඳුනා ගැනීම, හදිසි අනතුරකදී හෝ ආඝාත තත්ත්වයකදී මොළයට සිදුව ඇති හානි හඳුනා ගැනීම ඇතුළු රෝගී ප්‍රතිකාර සේවාවන් රැසක් සඳහා සී.ටී. ස්කෑන් යන්ත්‍ර ප්‍රධාන වශයෙන් භාවිතයට ගැනේ.
මෙලෙස පවතින තත්ත්වය හමුවේ රෝගී ජීවිත ද දැඩි අවදානම් තත්ත්වයට පත්ව ඇත.
කෙසේ වෙතත්,
සී.ටී. ස්කෑන් පරීක්ෂණ වාර්තා ලබා ගැනීම සඳහා රෝගීන් වෙනත් රෝහල්වලට ප්‍රවාහනය කිරීමට වැය වන මුදල ද ඉතා විශාල ය.