Cryptocurrency හුවමාරුව උඩු යටිකුරු වෙයිද?- බයිනෑන්ස් ප්‍රධානියා ඉල්ලා අස්වෙලා.

United States of America Cryptocurrency World
By Wayomi Nov 22, 2023 07:58 AM GMT
Report

ලොව විශාලතම Cryptocurrency හුවමාරුව වන බයිනෑන්ස් හි ප්‍රධාන විධායක, Changpeng Zhao එම සමාගමෙන් ඉල්ලා අස්වී ඇති බවයි වාර්තා වන්නේ.

ඔහු එලෙස ඉල්ලා අස්වී ඇත්තේ, ඔහුට එරෙහිව එල්ලවූ මුදල් විශුද්ධිකරණ චෝදනා සඳහා වැරැද්ද පිලීගැනීමෙන් අනතුරුවයි.

"මම වැරද්දක් කළා...මම ඒ සඳහා වගකීම භාරගන්නවා. මම ඒ තීරණය ගන්නේ අපේ අය වෙනුවෙන්..."

Cryptocurrency හුවමාරුව උඩු යටිකුරු වෙයිද?- බයිනෑන්ස් ප්‍රධානියා ඉල්ලා අස්වෙලා. | Cryptocurrency Boss Resigns

මේ සමගම එක්සත් ජනපද බලධාරීන් විසින් ඩොලර් බිලියන 4.3ක් දඩ ලෙස ගෙවන ලෙස බයිනෑන්ස් සමාගමට දැනුම් දී තිබෙනවා.

ඔවුන් පවසන්නේ සම්බාධක පනවා ඇති රටවලට සහ වෙළෙඳපොළ වලට මුදල් හුවමාරු කිරීම සඳහා එය යොදාගෙන ඇති බවත්, විශේෂයෙන් ඉරාන ග්‍රාහකයින්ට ඩොලර් මිලියන 900ක් පමණ වටිනා හුවමාරු සඳහා බයිනෑන්ස් භාවිත කර ඇති බවත්ය.

එමෙන්ම ඊට අමතරව රුසියාව, සිරියාව වැනි සම්බාධක පනවා ඇති රටවල් සමගත් ඒ ඔස්සේ මුදල් හුවමාරු කර තනි අතර බයිනෑන්ස් යනු, කේමන් දිවයිනේ ලියාපදිංචි කර ඇති සමාගමකකි.