සංචාරකයින් 1,600ක් සමඟ CORDELIA EMPRESS කොළඹට - තවත් ගමන් වාර තුනක් එන්න නියමිතයි
සංචාරකයින් 1,600 දෙනෙකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 588 දෙනෙකු රැගත් CORDELIA EMPRESS මගී නෞකාව අද (26) උදෑසන කොළඹ වරායට පැමිණ තිබේ.
මෙම නෞකාවෙන් පැමිණි පිරිස අතරින් සංචාරකයින් 1,800 දෙනෙකු අද දිනයේදී කොළඹ නගරය, පින්නවල අලි අනාථාගාරය සහ ගාල්ල ඇතුළු ප්‍රදේශවල සංචාරය සඳහා පිටත්ව ගොස් ඇති බව වාර්තා වේ.
එම සංචාරකයින්ගෙන් සියයට 90ක පමණ පිරිසක් ඉන්දීය ජාතිකයින් බව සඳහන් වේ. ප්‍රධාන වශයෙන් ඉන්දීය සහ අග්නිදිග ආසියානු සංචාරක වෙළෙඳපොළ ඉලක්ක කරගනිමින් ක්‍රියාත්මක වන මෙම නෞකාව ඉන්දියාව තුළ දේශීය නාවික සංචාර මෙන්ම කලාපීය ජාත්‍යන්තර සංචාර ද සිදුකරනු ලබයි.
මීටර් 210ක දිගකින් යුත් CORDELIA EMPRESS නෞකාවේ මහල් 11ක් පුරා මගී කාමර 796ක් පිහිටා තිබීම විශේෂත්වයකි.
මේ අතර, 2026-2027 සංචාරක සෘතුවට අදාළව තවත් සංචාරක ගමන් වාර තුනක් සඳහා මෙම නෞකාව කොළඹ වරායට පැමිණීමට නියමිතය.
ඒ අනුව ලබන දෙසැම්බර් 17, 24 සහ 31 යන දිනවලදී ද CORDELIA EMPRESS නෞකාව කොළඹට පැමිණීමට සැලසුම් කර තිබේ.