කුලී භටයින් රුසියානු කැරැල්ල නිසා තෙල් මිලට සිදු වූ දේ..

Crude Oil Prices Today Russia
By Sewvandhi Jun 26, 2023 08:49 AM GMT
Report

ලොවම වික්ෂිප්ත කරමින්, පසුගිය සති අන්තයේ රුසියානු කුලී හේවායින්ගෙන් සමන්විත වැග්නර් භට කණ්ඩායම් රුසියාවේ නගරයක් අල්ලා ගැනීමට සමත් වුණා.

මෙම සිද්ධිය ලෝක බොර තෙල් වෙළෙඳපොළට ද එය බලපා ඇති බව පෙනීයයි.

අද (26) ඒ හේතුවෙන් බොර තෙල් මිල සුළු වශයෙන් ඉහළ ගොස් ඇති අතර එසේම රුසියානු මුදල් ඒකකය වන රූබලයේ අගයද අවප්‍රමාණ වී තිබේ.

වෙළෙඳපොළ විශ්ලේෂකයින් පවසන්නේ කුලී හේවායින්ගේ පහරදීම නිසා රුසියානු ස්ථායිතාවය සම්බන්ධයෙන් සැක මතුවී ඇති බවය.