ලෝක වෙළඳපොලේ තෙල් මිල තවත් ඉහලට..!

Sri Lanka business world market fuel crisis Crued oil
By Sewvandhi Apr 15, 2022 02:47 PM GMT
Report

ලෝක වෙළඳපොලේ බොරතෙල් බැරලයක මිල අද ඇමෙරිකානු ඩොලර් 111 දක්වා තවදුරටත් ඉහළ ගියා.

ඊයේ එම අගය පැවතුණේ ඇමෙරිකානු ඩොලර් 107 ක් ලෙසයි.

දින 4කට පෙර ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ඩොලර් 98 දක්වා පහත වැටී තිබීම ද විශේෂත්වයක්.

මේ අතර,ඉන්ධන නිකුත් කිරීම සීමා කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබෙනවා.

ඒ අනුව මින් ඉදිරියට මෝටර රථයකට රු. 5000, ත්‍රිරෝද රථයකට රු.1500 සහ යතුරුපදියකට රු. 1000ක් ලෙස මින් ඉදිරියට ඉන්ධන නිකුත් කිරීම කෙරේ .

බස් හා ලොරි රථ සහ වාණිජ කටයුතු සඳහා යොදාගැනෙන ට්‍රැක්ටර් රථ ඇතුළු වාහනවලට මෙම සීමාව අදාළ නොවන බවයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පැවසීය.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now