මෙම මස අග තෙල් මිලට සිදුවන දේ..කවුරුත් බලා සිටින ආරංචියක්..

Fuel Price In Sri Lanka Sri Lanka Fuel Crisis Crude Oil Prices Today Latest Headlines
By Sewvandhi Jul 27, 2024 09:02 AM GMT
Report

මේ වන විට කා අතරත් කතාබහට ලක්ව ඇති මාතෘකාවක් ලෙස තෙල් මිල හැඳින්වීමට පුළුවන්. 

ඉතින් බොහෝ දෙනකු අර්ථකථනය කරන්නේ මෙම මස අග වන විට ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල පහළ යාමත් සමඟ මෙරට තෙල් මිල පහළ යා හැකි බවයි.

ලෝක වෙළදපොළේ බොරතෙල් මිල තවදුරටත් පහළ මට්ටමක පවතිනවා.

ඒ අනුව ඩබ්ලිව්. ටී. අයි. වර්ගයේ බොරතෙල් බැරලයක මිල 1.43%කින් පහළ ගොස් තිබෙනවා.

මේ වනවිට එම තෙල් බැරලයක මිල සටහන් වන්නේ ඩොලර් 77.16ක් ලෙසටයි.

එමෙන්ම බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 81.13ක් ලෙස දැක්වෙනවා. එය 1.51%ක පහළ යෑමක්.