ඩොලරය ශක්තිමත් වීමත් සමග තෙල් මිල තවත් පහලට

Sri Lanka Sri Lanka Fuel Crisis Crude Oil Prices Today
By Sewvandhi Sep 29, 2022 09:54 AM GMT
Report

ඩොලරය ශක්තිමත් වීමත් සමග ලෝක බොරතෙල් වෙළඳපොලේ බොර තෙල් බැරලයක මිල නැවත වරක් පහත වැටුණු බව විදෙස් මාධ්‍ය වාර් තා කළේය.ඉකුත් සැසියේදී ඇමෙරිකානු ඩොලර් 3 කින් පමණ ඉහළ ගිය බොරතෙල් බැරලය අද(29) නැවත වරක් පහත වැටුණු බව විදෙස් මාධ්‍ය පෙන්වා දුන්නේය.

ඩබ්ලිව්.ටී.අයි බොරතෙල් බැරලයක මිල අද(29) ශ්‍රී ලංකා වේලාවෙන් 12.51 කට ඇමෙරිකානු ඩොලර් 81.24 ලෙස සටහන් වූ අතර එය පෙර සැසියට සාපේක්ෂව සත 91 ක මිල අඩුවීමක් බවත් බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල 88.31 ලෙස සටහන් වූ අතර එය පෙර සැසියට සාපේක්ෂව ඩොලර් 1.01 ක මිල අඩු වීමක් බවත් වෙළඳපොල වාර් තා පෙන්නුම් කළේය.

මාස නවයකින් වාර් තා වූ බොරතෙල් බැරලයක අඩුම මිල මේ සතියේ වාර් තා වූ අතර ඩොලරයේ අගය පහත වැටීම හේතුවෙන් ඩොලර් තුනකින් පමණ බොරතෙල් බැරලයක මිල නැවත වරක් ඉහළ ගියේය.නමුත් නැවත වරක් ඩොලරය ශක්තිමත් වී ඉල්ලුම අඩු වීම හේතුවෙන් මෙසේ බොරතෙල් බැරලයක මිල නැවත වරක් පහළ ගිය බව වෙළඳපොල දත්ත වාර් තා පෙන්නුම් කරයි.


 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now