බොර තෙල් මිල පහළට

Crude Oil Prices Today
By Sewvandhi Jun 19, 2023 01:03 PM GMT
Report

ලෝක වෙළඳපොලේ බොර තෙල් මිල අඩු වී ඇත.  අද (19) බොර තෙල් මිල 1%කට වඩා වැඩි ගණනකින් අඩුවී ඇති බවයි, ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේ.

එනම්, ඔපෙක් සාමාජිකයින් පසුගියදා ලෝක වෙළෙඳපොළට බොර තෙල් සැපයුම අඩුකළ අතර ඒ හේතුවෙන් බොර තෙල් මිල වැඩි වුනා.

වාර්තා වන පරිදි චීන ආර්ථික වර්ධනය සම්බන්ධයෙන් මතුවී ඇති ගැටලු හේතුවෙන් ලෝක වෙළෙඳපොළ ට ඇතිවී ඇති බලපෑම හේතුවෙන් බොර තෙල් මිල අඩුවී ඇති බව සඳහන්.

බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල ඩොලර් 75.83 දක්වාද වෙස්ට් ටෙක්සාස් (WTI) බොර තෙල් බැරලයක මිල ඩොලර් 71.02ක් දක්වාද අඩුවී තිබුණා.