යළිත් ඉහළ ගිය තෙල් මිල..!

Crude Oil Prices Today
By Sewvandhi Dec 26, 2022 02:45 PM GMT
Report

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබෙනවා. ඒ රැසියාව සිය තෙල් නිෂ්පාදනය කප්පාදු කරන බවට ඉඟිකිරීමත් සමඟයි.

ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල දිනක් තුළ ඩොලර් 2.94කින් එනම් 3.63%කින් ඉහළ ගිය අතර එම තෙල් බැරලයක මිල සටහන්ව ඇත්තේ ඩොලර් 83 යි ශත 72ක් ලෙසයි.

අමෙරිකානු ඩබ්ලිව්.ටී.අයි. තෙල් බැරලයක මිලද ඩොලර් 2.07කින් එනම් 2.67%කින් ඉහළ ගොස් ඇත්තේ එම තෙල් බැරලයක මිල ඩොලර් 79.56ක් ලෙස සටහන් කරමිනි.

රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීමට එරෙහිව ජී-7 කණ්ඩායමේ බටහිර රටවල් රැසියානු බොරතෙල් සඳහා ඩොලර් 60ක උපරිම මිල සීමාවක් පැනවූ අතර ඊට ප්‍රතිචාර දක්වමින් රැසියාව සිය දෛනික බොරතෙල් නිෂ්පාදනය බැරල් 500,000ත් 700,000ත් අතර ප්‍රමාණයකින් කපා හැරීමට සිදුවිය හැකි බව සඳහන් කළේය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now