තෙල් මිල මෙතෙක් වාර්තා වූ අඩුම අගය පෙන්වයි

Crude Oil Prices Today Businessman
By Sewvandhi Nov 28, 2022 09:29 AM GMT
Report

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල මේ වසරේ අඩුම අගය මේ වනවිට වාර්තා වී තිබේ. ඩබ්ලිව් ටී අයි බොරතෙල් බැරලයක මිල අද සටහන්ව තිබුණේ අමෙරිකානු ඩොලර් 74.11ක් ලෙසටය.

එය පෙර දිනයට සාපේක්ෂව ඩොලර් 2.17ක පහළ යෑමකි. පසුගිය වසරේ දෙසැම්බර් මස 27වන දිනෙන් පසුව වාර්තා වන අඩුම මිල මෙය වන අතර නොවැම්බර් මාසයේදී වාර්තා වූ අවම මිල ද මෙයයි.

එමෙන්ම බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක් පෙර දිනට සාපේක්ෂව අමෙරිකානු ඩොලර් 2.27ක පහළ යාමක් වාර්තා කරමින් ඩොලර් 81.36ක් ලෙස අද සටහන් වුණි.

වැඩිදුරටත් වාර්තා වන්නේ මේ වසරේ ජනවාරි මාසයෙන් පසු වාර්තා වන පහළම මිල ද මෙය බවය.

ලොව විශාලතම ඉන්ධන ඉල්ලුම්කරු වන චීනය තුළ මතුව ඇති අර්බුදකාරී තත්වය හේතුවෙන් ඉල්ලුම පහළ යා හැකි බවට වන විශ්වාසය මත මෙම මිල පහත වැටීම සිදුව ඇති බවයි විශ්ලේෂකයින් පවසයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now